ශ්‍රී ලාංකික ප්‍රවීණ නිළි මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා අද නිවේදනය කළේය.
අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ අවසන් කටයුතු 2025 මැයි 26 වන සඳුදා සිදුකරන බව අමාත්‍යවරයා පැවැසීය.
මේ අතර, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකාගේ දේහය ඉරිදා (මැයි 25) පෙ.ව. 10 සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේදී මහජන ගෞරවය සඳහා තැන්පත් කෙරේ .