පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය විසින් සිදුකරන පරීක්ෂණ පිළිබඳව සෑහීමකට පත්වන බව කොළඹ අගරදගුරු පදවියේ සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා පවසයි.
කෙසේ නමුත් අදාළ පරීක්ෂණ කටයුතු ඉක්මනින් සිදුවිය යුතු බව තම අදහස බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැගවුණු හස්තය ගැන යම් හෝඩුවාවක් 21 වනදා වන විට ලබාදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවත් කිතුණු ජනතාව ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසයකින් පසුවන බවද ඔහු සඳහන් කළේය.
වෙනදා පාස්කු ප්‍රහාරය සිදුවූ දිනය පැමිණෙන විට ජනතාව විරෝධතා උද්ඝෝෂණ සිදු කළද මෙවර එය සිදු නොකිරීමෙන් පෙන්නුම් කරන්නේ ජනතාව ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශ්වාසය තබා ඇති ආකාරය බවයි ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.