14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsපාස්කු ඉරිදා ප්‍රහාරය - ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට

පාස්කු ඉරිදා ප්‍රහාරය – ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව ජනපති නියමයෙන් CIDයට

-

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව හා ලේඛන ඇතුළත් වෙළුම් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත්වීමත් සමග ජනාධිපතිවරයාගේ උපදෙස් මත, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශන වේගවත්ව සහ අලුත් දිශානතියක් ඔස්සේ දියත් කෙරිණි.

ඒ අනුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර හයක් ගත වන අවස්ථාවේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ ස්වාධීන සහ අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරීමට රජය සමත් වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

එසේම, මෙම අපරාධය කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ නොතබා වින්දිතයන්ට සාධාරණය ඉටු කරන බවට වන සහතිකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT