මෙට්රික් ටොන් ලක්ෂ 3ක වී ගබඩා ප්රතිසංස්කරණය කළ බවත් වී මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වෙන් කළ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා අද මේ බව පැවසුවේ පොළොන්නරුවේ පැවැති ජන රැලියකට එක්වෙමිනි.
ඒ අනුව නැවත කිසි දිනක වී මිල පිළිබඳව ගැටළුවක් මතු නොවන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.