14.3 C
New York
Sunday, April 20, 2025
HomeHEALTH & FITNESSකොරෝනා නිසා චීනය හා ජපානය තවත් අවදානමක...

කොරෝනා නිසා චීනය හා ජපානය තවත් අවදානමක…

-

කොරෝනා නිසා චීනය හා ජපානය තවත් අවදානමක…

චීනයෙන් ව්‍යාප්ත වූ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවනවිට තවත් භයානක අදියරකට එළඹ තිබෙනවා. ඒ, වෛරසය ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයින් හට යළිත් එම වෛරසය ආසාධනය වීමේ සිද්ධීන් වාර්තා වීම හමුවේයි. මෙම තත්ත්වය මේවනවිට වාර්තා වන්නේ චීනයෙන් හා ජපානයෙන්. 

චීනයේ ගුවැන්ග්ඩොන් ප්‍රදේශයේ කොරෝනා ආසාදනය වූ පුද්ගලයින්ගෙන් සියයට 14 ක් පමණ රෝගීන් පිරිසක් වෛරසය වැළඳී සුවය ලැබූ පසු යළිත් වෛරසයට ගොදුරු වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. ඒ අනුව නව කොරෝනා වෛරසය මිනිස් ශරීරය තුළ ක්‍රියාකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව චීනයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වී සුව වූ කාන්තාවකට යළිත් වරක් වෛරසය ආසාදනයවීමේ පුවතක් ජපානයෙන් ද අද වාර්තා වනවා. මෙලෙස දෙවන වරටත් නව කොරෝනා වෛරසයට ගොදුරු වී තිබුණේ     40 හැවිරිදි සංචාරක මගපෙන්වන්නියක්.

ඇය කොරෝනා වෛරසය ආසාධනය වී රෝහල්ගතව සිට තිබෙනවා. පසුව සුවය ලබා පැමිණ සති 02 කින් අනතුරුව ඇයට දෙවන වරටත් වෛරසය ආසාධනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර රටතුළ පවතින තත්ත්වය හමුවේ සියලු පාසල් වසා දැමීමට ජපන් අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ තීරණය කර තිබෙනවා. ඒ අනුව ජපානයේ සියලු පාසල් මාර්තු මස අගවන තෙක් වසා තැබෙනු ඇති.

මේ අතර ඉරාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. ඒ, එරට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ද නව කොරෝනා ආසාධනය වී ඇති පසුබිමක් තුළයි. ඉරානයෙන් මේවනවිට නව කොරෝනා මරණ 22 ක් වාර්තා වන අතර චීනයෙන් පිටත වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ද ඉරානයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT