විදේශසේවා නියුක්ති කාර්යාංශයේ හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඕමානයට ගොස් තිබෙනවා.
මිනිස් ජාවාරම සම්බන්ධ සිදුවීම් විමර්ශනය සදහා මෙලෙස සාමාන්‍යාධිකාරීවරයෙකු, විමර්ශන නිලධාරීන් තිදෙනෙකු හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයෙකු හා කාන්තා උපපොලිස් පරීක්ෂකවරියක් ද ගොස් ඇති අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි එම පිරිස ඊයේ (10) පිටත් ගියා.