14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsසංචාරක ඉපැයීම්වල වර්ධනයක්...

සංචාරක ඉපැයීම්වල වර්ධනයක්…

-

මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා විදේශ විනිමය ඉපැයීම්වල වර්ධනයක් පෙන්නුම් කෙරෙන බැවින් ඉදිරියේදී තවත් ආනයන කිහිපයක සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉලක්ක ගත සංචාරකයින් ප්‍රමාණය මෙරටට ගෙන්වා ගැනීමට මහජනතාවගේ සහාය අත්‍යවශ්‍ය බවය.

2022 ඔක්තෝබර් මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 42,062ක් දක්වා ඉහළගොස් තිබේ.

එය පසුගිය 2021 වසරේ ඔක්තෝබර් හා සැසදීමේදී 85%ක පමණ වර්ධනයකි.

එමෙන්ම පසුගිය ජුලි මාසයෙන් පසු වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඔක්තෝබර් මාසයේදීය.

2022 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා දිවයිනට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 568,294කි.

එහෙත් පසුගිය 2021 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා දිවයිනට පැමිණ ඇත්තේ සංචාරකයින් 60,695ක් පමණි.

ඒ අනුව මේ වසරේ පළමු මාස 10 තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 836%කින් ඉහළගොස් තිබේ.

කෙසේ නමුත් මේ වසරේ ඉලක්කගත සංචාරක සංඛ්‍යාව මිලියනයක් වන අතර එම ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහා තවත් සංවාරකයන් 431,706ක් ඉදිරි මාස දෙක තුළ දිවයිනට පැමිණිය යුතුය.

2022 වසරේ සංචාරකයින්ගේ පැමිණීම පහත පරිදි වෙයි,

ජනවාරි – 82,327
පෙබරවාරි – 96,507
මාර්තු – 106,500
අප්‍රේල් – 62,980
මැයි – 30,207
ජුනි – 32,856
ජූලි – 47,293
අගෝස්තු – 37, 760
සැප්තැම්බර් – 29,802
ඔක්තෝබර් – 42,062
නොවැම්බර් – ??????
දෙසැම්බර් – ???????

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ,

“2018 වසරේ මෙරට සමස්ත ඩොලර් ඉපයීම ඩොලර් 10 ලක්ෂ 23,267.05ක්. 2021 වසරේ මෙරට සමස්ත ඩොලර් ඉපයීම ඩොලර් මිලියන 18,473.08ක්.”

“ඉන් සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ඩොලර් ප්‍රමාණය 2018 වසරේ දී ඩොලර් 10 ලක්ෂ 4,380.06ක්. මුළු ඩොලර් ඉපයීම්වලින් සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී එම අගය වන්නේ 18.8%ක් ලෙසය. එම වර්ෂයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 23 ලක්ෂ 33,796කි.”

“2021 වසරේදී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 506.08කි. සමස්ත ඩොලර් ආදායමෙන් එය ප්‍රතිශතයක් ලෙස දැක්වීමේදී සියයට දශම 02කට අඩු වුණා.”

“අපේ රටේ විදේශ විනිමය මේ තරම් බැරෑරුම් තත්ත්වයකට එන්න ප්‍රධානතම හේතුව තමයි සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවීම.” 

“2022 පළමු මාස 08 තුළ අපගේ ඩොලර් ඉපයීම ඩොලර් මිලියන 892ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඒ කියන්නේ අපි වර්ධනය වෙන පැත්තට යනවා.” 

“හෙට අපේ තවත් සාකච්ඡාවක් තිබෙනවා, නිෂ්පාදනවලට, කර්මාන්තවලට සහ ජනජීවිතයට අවශ්‍ය ආනයනයන් යම් ප්‍රමාණයක් නිදහස් කිරීම පිළිබඳව. මේ හැමදෙයකටම බලපාන්නේ අපි සතුව තිබෙන විදේශ සංචිත ප්‍රමාණය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
clear sky
30 ° C
30 °
30 °
75 %
3.9kmh
6 %
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
30 °

Must Read

SPORT