14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsමැතිවරණ වියදම් රෙගුලාසි පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකට…

මැතිවරණ වියදම් රෙගුලාසි පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය කථානායකට…

-

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මැතිවරණ වියදම් රෙගුලාසි පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව විභාගයක් පැවැත්වූ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කර ඇත.

මැතිවරණ නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරන ඩී.එම්. දසනායක මහතා විසින් ගොනු කළ පෙත්සමක් අද (23) සලකා බැලු අවස්ථාවේදී පෙත්සම්කරු කියා සිටියේ මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයෙකුට ලැබෙන මුදල්, පරිත්‍යාග හා වියදම් යනාදී කාරණා පිළිබඳ විගණනය කිරීමේ බලතල යෝජිත පනත් කෙටුම්පත තුළින් පවරා නොමැති බවය.

එමෙන්ම යම්කිසි අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරණ, ප්‍රවර්ධන හා වියදම් සිදුකිරීමේ හැකියාව තුන්වන පාර්ශ්වයකට ලබාදී ඇති අතර එය යහපත් තත්ත්වයක් නොවන බව පෙත්සම්කරු සඳහන් කර තිබේ.

යෝජිත පනත් කෙටුම්පතෙන් සඳහන් කර ඇති වැරදි සඳහා පනවනු ලබන දඬුවම් ප්‍රමාණවත් නොවන බව පෙන්වාදෙන පෙත්සම්කරු යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්තිවලින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනතේ වගන්ති උල්ලංඝනයවීමක් සිදුවන බවද සඳහන් කර ඇත.

අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත මෙවැනි ප්‍රතිපාදනවලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවද පෙත්සම්කරු පෙන්වා දී තිබේ.

එබැවින් පනත් කෙටුම්පත සම්මත කරන්නේ නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් එය අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

පෙත්සම සලකාබැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය දැනුම්දුන්නේ යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති සියල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් කරමින් එහි රහසිගත නිගමනය කථානායකවරයා වෙත දැනුම්දෙන බවට ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.3 ° C
27.3 °
27.3 °
83 %
3.5kmh
26 %
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
30 °

Must Read

SPORT