14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsපාන් වලටත් ගැසට් එකක්...

පාන් වලටත් ගැසට් එකක්…

-

පාන් සදහා උපරිම සිල්ලර මිලක් හා නියමිත බරක් සදහන් කර ගැසට්පත්‍රයක් නිකුත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලයි.

පාරිභෝගික ගැටලු පිළිබදව පැමිණිලි රාශියක් පාරිභෝගික අධිකාරියට පසුගිය වසර කිහිපය පුරා කර තිබුණි. එහෙත් ඒ පිළිබදව පාරිභෝගික අධිකාරිය කිසිදු පියවරක් ගෙන නොතිබුනේ ඒ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් විධිවිධාන සලසා නොමැතිවීම නිසා බව ද එම සංවිධානය කියයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන්නේ පසුගිය සතියේ දී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය රටපුරා බර අඩු පාන් සොයා මෙහෙයුම් කරන බව දන්වා කොළඔ ඇතුලු තදාසන්න ප්‍රදේශ කිහිපයක අදාල වැටලීම් කර නීතිය ක්‍රියාත්මක කළ බවට ඔවුන්ගේ සමාජ මාධ්‍යජාල හරහා පුලුල් ප්‍රචාරයක් දී තිබුණ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT