28 C
Colombo
Wednesday, May 21, 2025

ඉන්දු පකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

Published:

පාකිස්ථානය සහ ඉන්දියාව අතර ඇතිවූ සාකච්ඡාවලින් අනතුරුව දැනට ක්‍රියාත්මක වන සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කිරීමට එකඟ වූ බව පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු පවසා ඇත්තේ, දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවත්ය.

සටන් විරාමය ප්‍රථමයෙන් මැයි 10 වන දින සිට මැයි 12 වන දින දක්වා පැවතීමට එකඟ වූ නමුත් පසුව එය මැයි 14 වන දින දක්වා දීර්ඝ කරන ලද අතර මේ වනවිට එය මැයි 18 දක්වා තවදුරටත් දීර්ඝ කළ බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මැයි 18න් පසු පුළුල් දේශපාලන සාකච්ඡා ආරම්භ වන බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

 

 

Related articles

spot_img

Recent articles

381FansLike
28FollowersFollow
1,326FollowersFollow
5FollowersFollow
6,000SubscribersSubscribe
spot_img