වහල මත ස්ථාපනය කරනු ලබන සූර්ය කෝෂ මගින් විදුලිය මිලදී ගන්නා ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඊට අදාලව කමිටුවක් පත් කිරීමට පියවර ගෙන ඇති බවයි පැවසෙන්නේ.
සූර්ය කෝෂ මගින් විදුලිය මිලදී ගන්නා ගාස්තු සංශෝධනය කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුවේ වගකීමයි.
මේ වනවිට මෙගාවොට් 580ක් පමණ සූර්ය කෝෂ මගින් ජාතික විදුලි පද්ධතියට එක කෙරෙන අතර, නව වැඩපිළිවෙලට අනුව තවත් මෙගාවොට් 1,800ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමටයි නියමිතව ඇත්තේ.