12 C
New York
Tuesday, April 22, 2025

සහල් හිඟයක අවදානමක් රට තුල පවතිද? …

Published:

රට තුළ ප්‍රමාණවත් වී තොග පවතින බැවින් ඉදිරියේදී සහල් හිඟයක අවදානමක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

වී අලෙවි මණ්ඩලය සතු වී සංචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7000කට අධිකයි. වෙළඳ‍පොළ සහල් මිලෙහි අඩු වැඩි වීම සලකා බලමින් අසීමිත ලෙස මිල ඉහළ යාම පාලනය සඳහා අවශ්‍ය වුවහොත් වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත්කකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරනවා.

මියන්මාරයෙන් පිරිනැමුනු සහල් මෙට්‍රික් ටොන් 1000 හා ලෝක ආහාර වැඩසටහන යටතේ ලැබුණු මෙට්‍රික් ටොන් 5000 ත් 10000 ත් අතර වූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොගද ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සතු ගබඩාවල පවතිනවා.

Related articles

spot_img

Recent articles

spot_img