14.3 C
New York
Sunday, April 20, 2025
HomeSri Lanka Newsශ්‍රී ලංකාවේ ණය ගැන චීනයෙන් ප්‍රකාශයක්…

ශ්‍රී ලංකාවේ ණය ගැන චීනයෙන් ප්‍රකාශයක්…

-

චීන එක්සිම් බැංකුව ශ්‍රී ලංකාවට ණය දීර්ඝ කිරීමක් ලබා දුන් බවට චීන විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කර ඇතැයි රොයිටර් පුවත් සේවය පවසනවා.

ශ්‍රී ලංකාවේ ණය ආපසු ගෙවීම වසර දෙකක කාලයක් සඳහා අත් හිටුවන බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙන බවත් පවසමින් ලිපියක් පසුගියදා චීනයේ එක්සිම් බැංකුව නිකුත් කර තිබුණා.

ශ්‍රී ලංකාව මුහුණදෙන අභියෝග සහ අසීරුතා චීනයට දැනෙන බවත් චීනයට හැකි උපරිම ධාරිතාවයෙන් ශ්‍රී ලංකාවේ සමාජ සහ ආර්ථික සංවර්ධනයන් වෙනුවෙන් සහාය වන බවයි රොයිටර් වාර්තාව පිළිබඳ අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා ඇත්තේ.

අදාළ වාර්තාවේ දැක්වුණේ ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත චීනය අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවටයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 29ක ණය ලබා ගැනීමට ද චීනය සහාය ලබාදෙන බව ප්‍රකාශකර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවේ දැක්වෙන්නේ කලාපීය ප්‍රතිවාදීන් වන චීනය සහ ඉන්දියාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින මිලියන 22ක ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ විශාලතම ණය දෙන්නන් වන බවයි.

“ශ්‍රී ලංකාව දුෂ්කරතා හා අභියෝගවලට මුහුණ දෙන බැවින් ශ්‍රී ලංකාව ගැන හැඟෙන අතර ශ්‍රී ලංකාවේ සමාජ-ආර්ථික සංවර්ධනයට අපට හැකි උපරිමයෙන් උදව් කරමින් සිටී” යනුවෙන් චීන විදේශ අමාත්‍යාංශය රොයිටර් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බවටයි වාර්තා වන්නේ.

ඉන්දියාව මේ මස මුලදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යවමින් කියා සිටියේ ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවන නමුත් IMF සමඟ අවසන් එකඟතාවකට පැමිණීමට චීනයේ සහාය ද අවශ්‍ය බවයි.

2020 වසර අවසානයේදී, චීනයේ EXIM සමාගම ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.83ක් ණයට ලබා දී ඇති අතර එය ශ්‍රී ලංකාවේ ණයවලින් 3.5%ක් බවටයි පසුගිය වසරේ මාර්තු මාසයේදී නිකුත් කරන ලද IMF වාර්තාවක දැක්වුණේ.

EXIM යනු ගෝලීය වශයෙන් රජයන් සහ ප්‍රධාන කර්මාන්ත සඳහා ණය ලබා දීම සඳහා බීජිං විසින් පැවරී ඇති ප්‍රතිපත්ති බැංකුවක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT