14.3 C
New York
Monday, April 21, 2025
HomeSri Lanka Newsශ්‍රී ලංකාවේ ආහාර ඉන්ධන ඖෂධ නෑ… සංචාරය දැඩි අවදානම්..- බ්‍රිතාන්‍ය සංචාරකයන්ට දැනුම්...

ශ්‍රී ලංකාවේ ආහාර ඉන්ධන ඖෂධ නෑ… සංචාරය දැඩි අවදානම්..- බ්‍රිතාන්‍ය සංචාරකයන්ට දැනුම් දෙයි…

-

ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ නම් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දක්වන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ. ශ්‍රී ලංකාවේ සංචාරය කරන බ්‍රිතාන්‍ය පුරවැසියන් සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය මත සංචාරකයන්ට විවිධ අපහසුතාවයන්ට ලක් වනු ඇති බවය. ඖෂධ ආහාර ඉන්ධන ඇතුළු මූලික අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත් දෛනික විදුලි කප්පාදුවක් සිදු කරන බවත් එම උපදෙස් මාලාවේ සඳහන් වෙයි.

එමෙන්ම නිරන්තරව ඇතිවන උද්ඝෝෂණ විරෝධතා විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන නිසා එවන් ස්ථානවලට යාමෙන් වළකින ලෙස ද රජය දැනුම් දී ඇත.

ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නේ එනම් සුදුසු රක්ෂණයක් ලබාගෙන අත්‍යවශ්‍ය නම් පමණක් සංචාරය කරන ලෙස ද එම නිවේදනයේ තවදුරටත් දැක්වේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
32 ° C
32 °
32 °
72 %
4kmh
71 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °

Must Read

SPORT