14.3 C
New York
Saturday, April 19, 2025
HomeSri Lanka Newsමෙවර අයවැය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

මෙවර අයවැය ගැන මුදල් අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

-

ආර්ථික ස්වෛරීත්වය ආරක්ෂා කරගනිමින් ජනතාව ජීවත් කරවීමේ අභියෝගයට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මෙවර අයවැයේ දී මුහුණදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නොවැම්බර් මස 14 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවය.

අද (31) කෑගල්ල ප්‍රදේශයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටි බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, රුපියල් බිලියන 7,885ක් ලෙස 2023 රජයේ සමස්ත වියදම ඇස්තමේන්තු ගතකර ඇති බවය.

එය 2022 වසරේ ඇස්තමේන්තු ගත වියදමට සාපේක්ෂව රුපියල් බිලියන 1,785ක වැඩිවීමක් බව ද රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ පවතින -8%ක ආර්ථික වර්ධනය ඉදිරි වසරේ දී -3%ක පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාව වෙනුවෙන් අසීරුතම අභියෝගයට මුහුණදී සිටින බව ද කියා සිටියේය.

ඒ සඳහා සියලු ජනතාවගේ කැපවීම සහ අවබෝධය අපේක්ෂා කරන බව ද ඒ මහතා අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
81 %
4.6kmh
42 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
28 °
Wed
29 °

Must Read

SPORT