සංචාරක රාජ්ය අැමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරය අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද නියෝග කරන ලදී.
ඒ අනුව ඩයනා ගමගේ ඇතුළු වගඋත්තරකරුවන්ට දෙසැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටි කරුණු දක්වන්නැයිද නොතීසි නිකුත් කර ඇත.
ඩයනා ගමගේ මහත්මියගේ පුරවැසිභාවයට අදාල සියලු ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ආගමන හා විගමන පාලකවරයා වෙතද නියෝග කර තිබේ.