14.3 C
New York
Saturday, December 21, 2024
HomeSri Lanka Newsචීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය…

චීන සහතිකය නොමැතිව ලංකාවට ණය දීමට මූල්‍ය අරමුදලේ අවධානය…

-

චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය නොමැතිව වුවද ශ්‍රී ලංකාව සඳහා ලබා දීමට යෝජිත ණය අනුමත කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එම අරමුදල උපුටා දක්වන ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ ශ්‍රී ලංකාවට ණය සහනය ලබා දීම සඳහා බාධාවක් වී ඇති එකම පූර්ව අවශ්‍යතාව ලෙස චීනයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සහතිකය හඳුනාගෙන ඇති බවය.

වි‍ශේෂිත ක්‍රමවේදයක් යටතේ අදාළ ණය සහනය අනුමත කිරීමට අපේක්ෂා කරන බවද මුල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ බලධාරීන් තවදුරටත් කටයුතු කරන අතර ඒ සඳහා මූල්‍ය අරමුදලේ සහයෝගය ද ලබා දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇත.

මේ වන වටත් ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමි පාර්ශව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සහතිකය ලබා දී ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක මුදලක් ශ්‍රී ලංකාවට හිමි වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
light rain
29 ° C
29 °
29 °
84 %
5.4kmh
91 %
Sat
28 °
Sun
29 °
Mon
28 °
Tue
27 °
Wed
27 °

Must Read

SPORT