14.3 C
New York
Sunday, April 20, 2025
HomeWorldඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරත ගුවන් යානයක් කඩා වැටෙයි...

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරත ගුවන් යානයක් කඩා වැටෙයි…

-

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරත ගුවන් යානයක් කඩා වැටෙයි…

ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිවීමේ මෙහෙයුම්වල නිරතව සිටියදී ගිනිනිවීම් ගුවන් යානයක් කඩා වැටීමෙන් ඇමෙරිකානු වැසියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

බ්‍රහස්පතින්දා (ජන: 23) පස්වරුවේදී අදාළ ජල ප්‍රහාරක ගුවන් යානය සහ එහි කාර්ය මණ්ඩලය සමග පැවති සබඳතා බිඳ වැටුණු බව බලධාරීහු පවසති.

නිව් සවුත් වේල්ස්හි ස්නෝවි මවුන්ටන් නමැති කදුකර ප්‍රදේශයේදී සිදුවූ මෙම ගුවන් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

උණුසුමත් සුළගත් නැවත ආරම්භ වීමත් සමග ප්‍රාන්තය පුරා ලැව් ගිනි 80 කට වැඩි සංඛ්‍යාවක් පැතිරෙමින් තිබේ.

නිව් සවුත් වේල්ස්හි ප්‍රධාන අමාත්‍ය ග්ලැඩිස් බෙරිජික්ලියන් පැවසුවේ, ඔස්ට්‍රේලියාවේ කැන්බරා නගරයට මඳක් ආසන්නයේ ලැව් ගිනි පවතින කලාපයකට ගුවන් යානය කඩා වැටී ඇති බවය.

“ලැව් ගිනි සමය අවසන් වන බවක් නොපෙනෙන බව අද ආයෙත් පැහැදිලි වුණා,” ඇය මාධ්‍යවේදීන්ට පැවසීය.

“අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙනුවෙන් අප හදවතින් ම ශෝක වෙනවා වගේ ම අපි ඔවුන් වෙනුවෙන් යාච්ඥා කරනවා.”

ජීවිතක්ෂයට පත් තිදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගෙන නොමැති අතර බලධාරීන් පැවසුවේ, ඔවුන් ඇමෙරිකානු වැසියන් බවය.

නිව් සවුත් වේල්ස්හි ග්‍රාමීය ගිනි නිවීම් සේවාව පැවසුවේ, ලැව් ගිනි පාලනය කිරීම සඳහා පළපුරුදු සහ ප්‍රසිද්ධ කාර්ය මණ්ඩලයක් ඔස්ට්‍රේලියාව විසින් කොන්ත්‍රාත් පදනම මත සේවයට ගත් බවය.

Hercules C-130 නමැති ජල ප්‍රහාරක ගුවන් යානය කල්බදු පදනම මත ලබාගෙන ඇත්තේ උතුරු ඇමෙරිකානු සමාගමක් වන Coulson Aviation ආයතනයෙනි.

නිව් සවුත් වේල්ස්හි ග්‍රාමීය ගිනි නිවීම් සේවාවේ කොමසාරිස් ෂේන් ෆිට්සිමන්ස් පැවසුවේ, අනතුරට පත් ගුවන් යානය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන හෙයින් ගුවනින් ජල ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම් සියල්ල අද දිනයේ අත්හිටවූ බවය.

C-130 Hercules ගුවන් යානය පිළිබඳ තොරතුරු

C-130 Hercules ගුවන් යානය
  • ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කැනේඩියානු ගිනි නිවීම් සමාගමක් වන Coulson Aviation ආයතනයට අයත් වූවකි.
  • එම සමාගම වසර 30කට පෙර ආරම්භ කර ඇති අතර “පැය 110,000 අධික ආරක්ෂිත ගුවන් මෙහෙයුම් කාලයක් මෙහෙයුම්වල නිරතව තිබේ.”
  • ගුවන් යානය තුළ ජලය හෝ වෙනත් ගිනි නිවීම් ද්‍රව්‍ය ලීටර් 15,000ක් රැගෙන යා හැකිය.
  • සැතපුම් 2000ක පමණ භූමි වපසරියක පැයට සැතපුම් 400ක වේගයකින් මෙහෙයුම්වල නිරත වීමට හැකිය.
  • ඇමෙරිකාව සහ එක්සත් රාජධානිය සිය ගිනි නිවීම් මෙහෙයුම් සදහා එම මාදිලියේ ගුවන් යානා යොදා ගන්නේ, 1750 වසරේ සිටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °

Must Read

SPORT