14.3 C
New York
Friday, March 29, 2024
spot_imgspot_imgspot_imgspot_img

FAQ

නව කොරෝනා වෛරසය යනු කුමක්ද?

නව කොරෝනා වෛරසය යනු, මීට පෙර හඳුනා නොගත් රෝගයකි. Covid-19 යන නාමාවලිය ලද එම රෝගය පුද්ගලයින් අතර පැතිරෙන්නෙකි.

වෛරසය හට ගන්නේ කෙසේ ද?

චීනයේ, වූහාන් නගරයේ පළමු වරට‌ හඳුනාගත් මෙම රෝගය සත්ත්ව වෙළෙඳපොළක හඳුනාගත් නමුත් මේ වනවිට පුද්ගලයාගෙන් පුද්ගලයාට පැතිරෙමින් පවතී. තවද මෙය සමාජ කොට්ඨාස අතර ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩි වන බව පෙනේ.

නිරෝධායනය හරහා රෝගය වළක්වා ගත හැකි ද?

රෝගීන් වෙතින් අන් අයට මෙම රෝගය පැතිරීමට හැකියාව ඇති අතර එය වැළැක්වීමට නිරෝධායනය කර ඖෂධ ලබා දිය යුතු ය. තවද රෝගය පැතිරී ඇති රටවල්වල හෝ ප්‍රදේශවලින් පැමිණෙන්නන් සෞඛ්‍ය තත්ත්වය සනාථ කිරීමට දින 14ක කාලයක් නිරෝධායනය කළ යුතු බව නිර්දේශ කර ඇත.

ඔබ Covid-19 ඇති දැයි පරීක්ෂා කළ යුතු ද?

මෙම රෝගයේ ප්‍රධාන රෝග ලක්ෂණ අතර ස්වසන රෝග, උණ , කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතා ප්‍රධාන රෝග ලක්ෂණ වේ. මෙම රෝග ලක්ෂණ ඇතිනම් හෝ මෙම රෝගය ව්‍යෘප්ත වී ඇති ප්‍රදේශයක සිටියේ නම් හෝ මෙම රෝගය වැළඳුණු අයෙකු ආශ්‍රය කළේ නම් Covid-19 පරීක්ෂණයක් කළ යුතු ය.
..

විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් නිවස තුළ ස්වයං නිරෝධායනයට ලක් වීමේ දී  අනුගමනය කළ යුතු මාර්ගෝපදේශයන් පහත පරිදි වේ

1. විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා නිවසේ වාතාශ්‍රය ලැබෙන කාමරයක වෙනම රඳවා තැබිය යුතු අතර නිවසේ අනෙකුත් සාමාජිකයින් ඔහුගෙන් වෙන් වී වෙනම කාමරවල සිටිය යුතු ය.

2. නිරෝධායනයට ලක් වන පුද්ගලයා සහ පවුලේ අනෙකුත් සාමාජිකයින් අතර අවම වශයෙන් මීටරයක දුරස්තභාවයක් තබා ගත යුතු ය.

3. නිවසේ අනෙකුත් සාමාජිකයින් වෙනම නානකාමරයක් භාවිත කිරීම වඩාත් ම සුදුසු වන අතර එසේ නොමැතිව එකම නානකාමරයක් භාවිත කරන්නේ නම්, නිරෝධායනය ලක් වන පුද්ගලයා නාන කාමරය භාවිත කිරීමෙන් පසු එහි සියලු උපකරණ පිරිසිදු කළ යුතු ය.

4. නිවසට අමුත්තන් පැමිණීම සීමා කළ යුතු අතර කිසිදු අවස්ථාවක විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයා කිසිදු අමුත්තෙකුට මුණ නොගැස්විය යුතු ය.

5. අවම වශයෙන් තත්පර 20ක් හොඳින් සබන් යොදා නිතර දෑත් පිරිසිදු කළ යුතු අතර ජලය යොදා දෑත් පිරිසිදු කිරීමට නොහැකි අවස්ථාවකදී මධ්‍යසාර අඩංගු දෑත් සේදීමේ සනීපාරක්ෂක ද්‍රාවණයක් භාවිත කරන්න.

6. පිරිසිදු නොකළ දෑත්වලින් ඇස්, නහය සහ මුව ස්පර්ශ කිරීමෙන් වළකින්න.

7. නිවස තුළ නිරෝධායනය ලක් වන පුද්ගලයා දිනකට දෙවරක් සිය ශරීර උෂ්ණත්වය පරීක්ෂා කළ යුතු අතර යම් හෙයකින් උණ, කැස්ස, ශ්වසන අපහසුතා, උගුරේ අමාරුව, ඇඟපත වේදනා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා (MOH) හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා (PHI) දැනුම්වත් කළ යුතු ය.

8. ඉවත දැමිය හැකි මුඛ ආවරණ, අත්වැසුම් භාවිත කිරීමෙන් පසු ඒවා නැවත භාවිත නොකර සුදුසු පරිදි විනාශ කළ යුතු ය.

9. නිරෝධායනයට ලක් කෙරෙන පුද්ගලයාගේ පිගාන්, කොප්ප, වැනි ආහාර ගැනීමට භාවිත කරන උපකරණ ඇතුළු අනෙකුත් සියලු උපකරණ වෙන් කර තැබිය යුතු ය.

10. ගේ දොර උපකරණ, ඇඳ ඇතිරිලි සහ ඇඳුම් භාවිත කිරීමෙන් පසු සබන් යොදා හොඳින් පිරිසිදු කළ යුතු වේ.

සක්‍රිය සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ ස්වයං නිරීක්ෂණයට ලක්වීම

1. නිරෝධායනයට ලක් වන පුද්ගලයින් සම්බන්ධයෙන් පසු විපරම් කිරීම හා ක්ෂේත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා වගකිව යුුතු වේ.

2. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් පත්කරනු ලබන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිරෝධායනයට ලක් වන පුද්ගලයින් නිරන්තරව නිරීක්ෂණයට ලක් කරනු ඇති.

3. නිරෝධායනයට ලක් කෙරෙන දින 14 ඇතුළත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ස්ථාන පරීක්ෂාවෙන්, දුරකතනය සහ කෙටි පණිවුඩ ඔස්සේ,  අදාළ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කරනු ලබයි.

4. යම් හෙයකින් නිරෝධායනයට ලක් වන පුද්ගලයෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කඩිනමින් ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥවරයා දැනුම්වත් කළ යුතු වේ.

5. රෝග ලක්ෂණ පෙන්නුම් කරන අදාළ පුද්ගලයා 1990 සුවසැරිය ගිලන් රථ  සේවය ඇමතීමෙන් ළඟම රජයේ රෝහලට හෝ කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරිම සඳහා නියම කරන ලද රෝහලකට ඇතුළත් කළ යුතු ය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Skip to toolbar