ලෝකය ආදරය සහ සාමයෙන් වර්ණවත් කළ හිපි උප සංස්කෘතිය….

0
396

ලෝකය ආදරය සහ සාමයෙන් වර්ණවත් කළ හිපි උප සංස්කෘතිය….

අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර සමුහයක්, ව්‍යාපාරයක් දක්වා ගමන් කළ ආකර්ශනීය උප සංස්කෘතියක් වූණු ”හිපි සංස්කෘතිය” ගැනයි. ලෝකයේ කලින් කළට විවිධ උප සංස්කෘතීන් පහළවෙනවා. මේ උප සංස්කෘති ඇතිවන්නෙත් රට රටවල් වල තිබෙන ප‍්‍රධාන සංස්කෘතියේම හරයන් හා බැඳී පවතින ආකාරයෙන් කිවතොත් නිවැරදි. රටවල් තුළ එම සමාජයේ බහුතරය විසින් පිළිගත්ත සම්මත හැසිරවීම් වලින් ආභාශය ගනිමින් ඒ වගේම එම මතයන්ට ප‍්‍රතිවිරෝධතා එල්ල කරමින් අලූත් ජිවන රටාවකට ජිවත් වන පිරිසක් මේ හරහා සමාජයට එකතු වෙනවා. එයට භෞතික වගේම අභෞතික අංග යන දෙකම අයත්. භාෂාවට පවා මෙයින් යම් යම් දෑ එකතුවන අවස්ථාවක්. සංස්කෘතිය කියන්නේ කලින් කලට වෙනස්වන දෙයක්. මේ වෙනස්වීම් රටකට සමාජයකට පොදු වු දෙයක්. කල්යත්ම මේ උප සංස්කෘතින් හරහා ගොඩ නැගුනු අංග ප‍්‍රධාන සංස්කෘතියට එක් වෙමින් ඒ ඒ වෙනස්කම් පසු කාලෙක මහා සංස්කෘතියේම අංග ලෙස සමාජගත වී තිබෙනවා අපට අදටත් දකින්නට ලැබෙනවා. සමහරක් උප සංස්කෘතීන් වල බලපෑම් පෙර කී ලෙසම ජාත්‍යන්තර වශයෙන් ව්‍යාප්තව ගොස් තිබෙනවා. එලෙස ව්‍යාප්ත වුණු උප සංස්කෘතියක් වන මේ හිපි සංස්කෘතිය ගැන තොරතුරු කිහිපයක් මේ ලිපිය හරහා සාකච්ඡුා කිරිමට බලාපොරොත්තු වෙනවා.

ඇමෙරිකානු හිපි බොහෝ විට දකින්නේ 1950 දශකය නිර්වචනය කළ විවිධ ජාතික සහ ජාත්‍යන්තර අරගල වල ප‍්‍රතිඵලයක් ලෙසයි. කොරියානු යුද්ධය (1950-1953) , 1954 දි භූගත හා භයානක හයිට‍්‍රජන් බොම්බ පරීක්ෂණ සිදු කිරිම , අප‍්‍රිකානු -ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ද දශකයේ මැද බාගයේදි ආරම්භ වීම , සොවියට්වරු 1957 දී ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යැවීමත් සමඟ තාක්ෂණයේ දියුණුව වගේම ප‍්‍රතිවාදීන් අතර පැවති අභ්‍යාවකාශ තරඟය , සහ කියුබානු විප්ලවය , 1956 අසාර්ථක වු හංගේරියානු කැරැල්ල වැනි ප‍්‍රධාන සිදුවීම් මගින් පෙන්වාදිය හැකි. 1950 දශකය පරිපූර්ණ පශ්චාත් යුධ පාරාදිසයක් බවට බොහෝ දෙනාගේ පුර්ව නිගමනය වී තිබුනත් 1960 දශකයේ අද අප දන්නා හිපි ව්‍යාපාරය බිහිකිරිමට මේ කාරණා තනි අතින් දායකත්වය ලබා දී තිබෙනවා.

මේ හිපි සංස්කෘතියේ ආරම්භය සිදුවන්නේ 1960ට කලින් පැවති ඇමරිකානු ප‍්‍රති සංස්කෘතියක් වුණු බීට් පරම්පරාවේ පුරෝගාමීත්වයෙන්. බීට් පරම්පරාව කියන්නේ මුලික වශයෙන් දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකාවේ අමුතු සංස්කෘතික වෙනස්වීම් පිළිබඳ ගවේෂණය කළ තරුණ ලේඛකයන් කිහිප දෙනෙකුගේ එකතුවක්. ජැක් කෙරුආක් ඇලන් ගින්ස්බර්ග ් , විලියම් එස්. බරෝස් ඇතුළු තරුණ බොහිමීයානු කණ්ඩායම 1940 සහ 1950 දශකවල ධනවාදය පරිභොජනවාදය සහ භෞතිකවාදය ඇතුළු පවතින සමාජ සම්මතයන් ප‍්‍රතික්ෂේප කිරිමත් සමග නමක් දිනාගත් පිරිසක් බවට පත්වෙනවා. මෙම බීට් පරම්පරාව ඇමෙරිකාවේ පළමු ප‍්‍රති සංස්කෘතික ව්‍යාපාර වලින් එකක් වගේම ඔවුන්ගේ ලේඛනය මත්ද්‍රව්‍ය භාවිතය ලිබරල් ලිංගිකත්වය වැලඳගැනිමත් මේ ලේඛකයන්ගේ සාහිත්‍ය වාරණය සහ අසභ්‍ය වචන පිළිබඳ ඇමෙරිකානු මතභේදයේ කේන්ද්‍රස්ථානය වෙනවා. සැන් ෆැරැන්සිස්කෝ සහ නිව්යෝක් නරගරයේ නැගෙනහිර ගම්මානය වැනි බොහීමියානු නවාතැන් පොළවල් කේන්ද්‍ර කරගත් නැගෙනහිර ආගම් වැලදගත් පිරිසක් වන මොවුන්ගේ අනුගාමිකයන් ප‍්‍රසිද්ධියට පත්වුනේ ”බිට්නික්” යන නාමයෙන්.

වොෂින්ටන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය සහ ඇමෙරිකානු හිපීීස් (2015) හී කතුවරයා වන විලියම් රොරාබෝ පැහැදිලි කරන්නේ මේ ව්‍යාපාරය ඉතා කුඩා ව්‍යාපාරයක් වගේම සාහිත්‍යමය වන බවයි. ”ඔබ මිතුරෙකු හෝ කවියෙකු නොවන්නේ නම් ඔබට කණ්ඩායමේ සිටිමට අවසර නොලැබෙනු ඇත”

Pinterest.com   

1950 දශකය 1960 දශකය දක්වා දිවෙන විට බීට් සහ බීට්නික්වරු ක‍්‍රමයෙන් නව ප‍්‍රති සංස්කෘතියකට මග පාදගන්නවා. ඒ අනුව 1960 දශකයේ ඇමරිකානු එක්සත් ජනපදයේ හිපි සංස්කෘතිය බිහි වෙනවා. මෙය මුල් කාලයේදි ඇමරිකාවේ පාසල්වල සහ විශ්වවිද්‍යාල වල වගේම පසු කාලයේදි කැනඩාව බි‍්‍රතාන්‍යය වැනි අනෙක් රටවලත් පැතිරිලා ගියේ වසංගතයක් තරම් වේගයකින්. යුරෝපීය රටවල් වල වගේම ඕස්ටේ‍්‍රලියාව නවසිලන්තය මෙක්සිකෝව වැනි රටවලත් ආසියාතික රටක් වු ජපානය තුළත් තරුණ තරුණියන්ගේ ආකර්ෂණය ඉතාම ඉක්මනින් දිනාගන්නවා. සංගිතය නාට්‍යය කලාව ඇªම් විලාසිතාව රොක් සංගීත සංදර්ශන පිළිබ ඳ කියවෙන පොස්ටර් බැනර් ආදිය මගින් හිපි සංස්කෘතිය වැඩි වැඩියෙන් තරුණ පිරිස අතර ප‍්‍රචලිත වන්නට හේතුවක් වී තිබෙනවා.

1960 ඉදිරියට යන විට හිපි සහ බීට් කැපීපෙනෙන ප‍්‍රති සංස්කෘතීන් දෙකක් ලෙස ගමන් කළ අතරම සමාජ කාරණා වගේම දේශපාලනික කාරණා සම්බන්ධයෙන් මොවුන්ගේ අවධානය යොමු කෙරෙනවා. මෙය මූලික වශයෙන් පැමිණුනේ යුද විරෝධතා වශයෙන්. මෙම නව රැඩිකල් ව්‍යාපාර නින්දිත යැයි සමාජයෙන් පැමිණිනු අදහස් ජැක් කෙරුආක් වැනි බීට් ව්‍යාපාරයේ කතුවරයන් හෙලා දැක තිබෙනවා. හිපි සහ බීට්වරු එකම විශ්වාසයන් බොහෝමයක් බෙදා ගත්තත් මුලික වශයෙන් මෙම කණ්ඩායම් දෙක වෙනස් කණ්ඩායම් දෙකක් වෙනවා. බීට්ස්වරුන් අªරු සරළ ඇªම් වලින් තම අදහස් ප‍්‍රකාශ කළ අතර හිපි එක් එක් වෙනස් වර්ණවත් ඇªම් වලින් තම අදහස් ප‍්‍රකාශ කරනවා. බීට් හිපි තරම් දේශපාලනයට යොමු වී තිබුන ව්‍යාපාරයක් නොවෙයි. එයට හේතුව ලෙස පෙන්වා දි තිබෙන්නේ රජය සහ එහි දුෂණය පිළිගැනිම පවා එහි බලය තවදුරටත් මුල් බැස ගැනිමට හේතුවක් ලෙස දැකීමයි. අනෙක් අතට හිපි සිවිල් ව්‍යාපාරයේ සහ යුධ විරෝධි ව්‍යාපාරවල ක‍්‍රියාකාරි සාමාජිකයන් ලෙස කටයුතු කිරිමත් සදහන් කළ හැකි.

                          Beatniks                                                       Hippies

බීට් සහ හිපි අතර ඇති ලොකුම වෙනස විදිහට පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයයි. හිපි එල් එස් ඞී සහ මර්ජුවානා වැනි මත්ද්‍රව්‍ය භාවිතය ආධ්‍යාත්මික පරිපූර්ණත්වයට එහෙමත් නැතිනම් චිත්ත සමාධියට පත්වීම සඳහා යොදාගෙන තිබෙනවා.හිපි දර්ශනය ජේසුස් වහන්සේ , බුදුරජාණන් වහන්සේ , මැස්ඩක් , අසිසිහි ශාන්ත ෆැන්සිස් සහ මහත්මා ගාන්ධි වැනි අයගේ ඉගැන්වීම් හා දර්ශනයන්ගෙන් යම් තරමක් පෝෂණය ලබා තිබුනත් වැඩිපුරම ඔවුන් මත්ද්‍රව්‍යට එයින් ලබාගත් ආධ්‍යාත්මික හැඟිම් පිළිබඳ සමාජගත වී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය භාවිතය කෙතරම් සමාජයට පිළිලයක් වුවාද කිවහොත් 1969 වසර වන විට ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රන්තය මගින් මත්ද්‍රව්‍ය තහනමට පවා ලක් කරනවා.

හිපි උප සංස්කෘතියේ ආකර්ෂණීයම අංගය ලෙස සැලකුනේ ඔවුන්ගේ විලාසිතාවන්. හිපි ව්‍යාපාරය හා බොහෝ විට සම්බන්ධ වුණේ මධ්‍යම ප‍්‍රාන්තික සුදු තරුණ තරුණියන්. ඔවුන් ප‍්‍රධාන ධාරාවේ මධ්‍යම ප‍්‍රාන්තිතයන්ගෙන් ඉවත් වී ඇති බවක් හැඟි ගිය අතර පෙනුම , රැකියාව , ජිවන රටාව පිළිබඳව හෝ ”සාමාන්‍යය” ක‍්‍රමයට අනුකූල වීමේ පීඩනයට අමනාප වී සිටියා. මේ තරුණ තරුණීයන් අතර පැවති විලාසිතා වල දකින්නට තිබුනු ලක්ෂණ වලින්

ගෝත‍්‍රික විලාසිතා
මල් ගංජා කොළ සංකේත ලෙස යොදා ගැනිම
කව් බෝයි විලාසිතා
කාන්තා පිරිමි යන දෙකොටසම ශරිරයේ අලංකාරය සඳහා පච්ච කෙටීම
T-shirt, patched jeans, bell bottom විලාසිතා
හිසකෙස් කාන්තා පිරිමි දෙකොටසම දිගුවට වවා වර්ණ ගන්වා තිබිම සහ පිරිමි අය තම රැවුල දිගට වවා තිබිම
ශරිර අලංකරණය සඳහා විවිධ සිප්පිකටු වලින් සෑදු ආභරණ පැලදීම
දිග කෙස් සහිත හිස වටා පටියක් බැඳ තිබිම
කාන්තාවන්ගේ ඵසබස දර පසජරද ිනසරඑ සහ ඉකදමිැ ඔ-ියසරඑ සහ ඩෙනිම් විලාසිතාව

මේ සියලූ දේ හරහා ඔවුන් පේ‍්‍රමය සාමය ලිංගිකත්වය හා මත්ද්‍රව්‍ය සංකේතවත් කර තිබෙනවා.

ලිංගිකත්වයට හිපි සංස්කෘතිය තුළ තිබුනේ අසීමිත නිදහසක්. ඔවුන් කිසිම විටෙක එකම ලිංගික සහයකයෙකු හෝ සහයිකාවක මත යැපුන අය නොවේ. ඔවුන් කියා සිටියේ ඔවුන්ට ඕනෑම වෙලාවක ඕනෑම අවස්ථාවක ලිංගික කර්තව්‍යයේ යෙදිමට නිදහසක් තිබිය යුතුයි යන්නයිි. ඒ නිසා ඔවුන්ගේ සංස්කෘතිය තුළ ස්තීර විවාහයක් සිදුවීමට තිබු ඉඩකඩ නැතිි තරම්. මේ හරහා නිත්‍යානුකූල පියෙකු නොමැති පවුල් ඒකකයන් නිසා එලෙස දරුවන් බිහිවීම සමාජයට තර්ජනයක් බවට තර්කයක් ගොඩ නැගෙන්නට පවා මෙම කාරණාව හේතුවක් බවට පත් වුණා. එලෙසම මෙම හිපි සංස්කෘතිය තුළ සමලිංගිකත්වය ද්විලිංගිකත්වය සහ බහු ලිංගික සේවනය ප‍්‍රචලිත වී තිබුණා.
මෙම හිපි සංස්කෘතිය ස්වභාධර්මයට බොහෝ සෙයින් බද්ධව පැවති ප‍්‍රති සංස්කෘතියක්.ඔවුන් නිර්මාංශ ආහාර පරිභෝජනය කළ පිරිසක් වු අතර පරිසර හිතකාමි දිවි පෙවතක් ගත කළ පිරිසක් ද වනවා. තමන්ගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය බල ශක්තිය සුර්යයා මගින් වගේම කාබනික බෝග වගාව ආදි ද පසු කාලෙක එහි වැදගත් අංග මහා සංස්කෘතියේ අවශ්‍යතා සපුරා ගැනිම සඳහා ඵලදායි ලෙස යොදා ගත් අවස්ථා අදටත් දැක ගත හැකි.

Pinterest.com  

දේශිය වගේම විදේශිය හිපීන් අතර සංචාරය කිරිම ගැන තිබුනේ විශේෂ කැමැත්තක්. ඔවුන්ට නිවාස විදිහට ස්ථීර නිවාස නොතිබෙන්නට ප‍්‍රධානම හේතුව වුනේ මේ සංචාර කිරිම කිවතොත් නිවැරදි. ඔවුන් රටේ සෑම ප‍්‍රදේශයකම පිරිස් සමඟ සහයෝගයෙන් සිටිමට කැමති වී සිටි පිරිසක් නිසා තැනින් තැනට ගොස් ජිවත් විමට පි‍්‍රය කළ පිරිසක් වුණා. මේ සඳහා ඔවුන් යොදාගත්තේ ”කැරවෑන්”. බයිසිකල්, වෑන්, බස්රථ ආදිය සාමාන්‍යයෙන් දකින ආකාරයට වඩා අලංකාර ලෙස වර්ණ ගන්වා සිත්ඇඳගන්නා සුඵ ආකාරයෙන් නිර්මාණය කර ඇති අතරම මේ වාහන තුළ නිදන කාමර, වැසිකිළි පහසුකම්, ආහාර පිසින ස්ථානය ද සකසා තිබෙනවා. තැනින් තැනට ගමන් කරන පිරිසක් නිසාත් සැහැල්ලූ බsriඩු මලූ රැගෙන ගිය මොවුන් ස්ථීර රැකියාවන් තිබුන පිරිසක් නොවෙයි. ඔවුන් යන එන ස්ථාන වල තාවකාලික රැකියා කිරිමට පුරුදු වී සිටියා. කෙසේ නමුත් මෙම වාහන තුළ ගෙවන ජිවිතයේ වෙනම අත්දැකීමක් විඳ ගැනිමට ඔවුනට අවස්ථාව හිමි වුණා.

Britannica.com

හිපි උප සංස්කෘතිය තුළ මත්ද්‍රව්‍යට මෙන්ම සංගීතයට සුවිශේෂි ස්ථානයක් හිමි වුණා. ජන සංගිතය හා වේගවත් ධාරාවේ රොක් සංගීතය යන ආරයන් උපයෝගි කරගෙන මොවුන් නිර්මාණ හරහා තම අදහස් ලෝකය හමුවේ ඉදිරිපත් කිරිමට යොදාගත්තා. ස්වයං නිර්මාණ විවිධ කතා විශයන් වගේම තම පෞද්ගලික අත්දැකීම් නිර්මාණ ලෙස ඉදිරිපත් කරමින් මෙම සංස්කෘතිය ලෝකයේම කොටසක් බව පෙන්වා දෙන්නට මොවුන් උත්සාහ කළා. එහි ප‍්‍රතිඵල ලෙස ප‍්‍රසිද්ධ මට්මේ සංගීත ශිල්පීන් සහ සංගිත කණ්ඩායම් ගණනාවක් කරළියට පැමිණියා. ඒ අතරින් Jimi Hendrix ,   Janis Joplin , Bob Dylan The Beatles , Jefferson airplane  the kinks සඳහන් කළ හැකි.

”ආදරයේ ගිම්හානය” අතරතුර 1967 ජුලි මාසයේදි ප‍්‍රකාශයට පත් කරන ලද ආවරණ කතාවක ටයිම්ස් සඟරාව වාර්ථා කළේ හිපි ව්‍යාපාරය ”බොස්ටන් සිට සියැටල් දක්වා ඩෙට්‍රොයිට් සිට නිව් ඕර්ලියන් දක්වා සෑම ප‍්‍රධාන එක්සත් ජනපදයකම 300000ක” ජනතාවක් සිටින බවයි. සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාර සමලිංගික අයිතිවාසිකම් සහ කාන්තා විමුක්ති ක‍්‍රියාකාරීන් අරාජිකවාදීන් හා වෙනත් දේශපාලනික රැඩිකල්වාදීන් ඇතුළුව එක්සත් ජනපදයේ 60 දශකයේ විචිත‍්‍රවත් ප‍්‍රති සංස්කෘතීන් අතර හිපි කැපී පෙනුනේ ඔවුන්ගේ දේශපාලන මතවාද නිසයි. හිපි දේශපාලනයට වඩා ”දේශපාලනයකින් තොර දේශපාලනයක් ” ලෙස රොරාබෝ පවසා සිටිනවා. හිපි සඳහන් කළ දෙයක් නම් ”ඔබ ඔබේම දෙයක් කළ යුතුයි. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් කළ යුතුයි” යන්නයි. හැටේ දශකයේ අග භාගයෙදී මතු වූ හිපි ව්‍යාපාරයේ මාවත වියෙට්නාමයට ඇමෙරිකානු මැදිහත් වීම බෙහෙවින් බලපෑමක් එල්ල කළා..හිපි ප‍්‍රධාන ධාරාවේ අදිකාරිය ගැන සෑම විටම සිතුවේ යුද්ධය ඇතුළු සියලූම සමාජ ගැටලූ වලට ආරම්භය විදිහටයි. කෙසේ වෙතත් මහාචාර් රොරාබෝට අනුව හිපි වියෙට්නාම යුද්ධයට එරෙහිව අනෙක් විරෝධතා කරුවන් සමඟ එකතු වී ඇත බවයි. රොරාබෝ සදහන් කර සිටියේ ”හිපීස් එයට එකඟ වනු ඇත නමුත් ඔවුන් විරෝධය දක්වන්නේ නැත”යන්නයි. හිපි යනු විරෝධතාකරුවන් නොවේ.

 

Summer  Of  Love  1967 -Vanityfair.com

Theguardian.com

1967 ආදර ගිම්හානයට අමතරව 1969 අගෝස්තු මාසයේ වුඞ්ස්ටොක් සංගිත උත්සවය පැවැත්වුණා. සාමය සංගීතය ආදරය දින තුනක් ලෙස ප‍්‍රචාරය කළ වුඞ්ස්ටොක් සඳහා දේශපාලනික සහ ප‍්‍රති සංස්කෘතියට අයත් සියලූ දෙනාම සහභාගී තිබෙනවා වගේම එම ප‍්‍රමාණය 300000ත් 400000ත් අතර අපේක්ෂා කළ ප‍්‍රමාණයටත් වඩා බව සදහන් වෙනවා. ජොආන් බේස් ද ගේ‍්‍රට්ෆුල් ඩෙඞ් ජෙෆ්රිසන් ගුවන්යානා ස්ටිල්ස් නැෂ් වැනි කලාකරුවන් රැසක්ද එක් වී තිබෙනවා.

Woodsto ck  1969 –  The High lands Current

අවසාන වශයෙන් මේ හිපි ව්‍යාපාරයේ පරිහානියට මුලිකවම බලපාන්න හේතුව වුනේ මත්ද්‍රව්‍ය නිවාස නොමැතිකම වගේම හිපිවරුන් බොහෝ පිරිසක් ජිවත් වු හයිට් ඈෂ්බරි ප‍්‍රදේශයේ ඇතිවු අපරාධ ප‍්‍රමාණය වැඩි වීමත් ඒ නිසා එහි ජිවත් වු මුල් පදිංචිකරුවන්ට එම ප‍්‍රදේශයෙන් ඉවත්ව යාමට සිදුවීම බව සඳහන් වෙනවා. ඒ සමගම 1973 වන විට වියට්නාම යුද්ධය එක්සත් ජනපදයේ සහභාගීත්වය අවසන් වන විට හිපීන්ගේ පෙර රැඩිකල් විලාසිතා වගේම මාධ්‍යට තිබුන උනන්දුව කෙමෙන් නැති වී තිබෙනවාx නමුත් 70 දශකයේ මැද භාගය දක්වාත් ඊට පසුවත් ඔවුන්ගේ පැවති පාරිසරයට ගැති ආකල්ප සහ භාවිතයන් හිපීන්ගේ උරුමයන් ලෙස පෙනීසිටිනවා.

සමහර හිපීන් දිගු කාලයක් ජිවන රටාව වෙනුවෙන් කැපවී සිටියත් තවත් සමහරුන් වරක් හෙළා දැකපු ප‍්‍රධාන ධාරාවට අනුගත වෙනවාx එයට උදාහරණ ලෙස මහාචාර්ය රොරාබෝ පෙන්වා දෙන්නේ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්x 70 දශකයේ මුල් භාගයේදී ඉන්දියාවේ සංචාරයක යෙදෙන ඔහු පසුව බුද්ධාගම වැලද ගන්නවා වගේම පරිගණක බලය සාමාන්‍ය ජනතාව අතට පත් කිරිම යන අදහස් ඔහු එළිදක්වනවා.

මූලාශ‍්‍රය

  • https://www.history.com
  • https://theculturetrip.com
  • https://www.britannica.com

 

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here