ලෝක සාගර දිනය: ” ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වලින් 50%ක් පමණ සපයන්නේ සාගරයයි”

0
272

ලෝක සාගර දිනය: ” ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් වලින් 50%ක් පමණ සපයන්නේ සාගරයයි”

අද මුළු ලොවම සාගර පරිසර පද්ධතිය කෙරෙහි අවධානය යොමු කර තිබේ. ඊට හේතුව ලෝක සාගර දිනය අදට යෙදී තිබීමයි.

ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සහ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ X-PRESS PEARL නෞකාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී අනතුරට ලක්ව ඇති පසුබිමක අපි මෙවර ලෝක සාගර දිනය සමරන්නෙමු.

කන්ටේනර් 1486ක් ප්‍රවාහනය කරමින් තිබියදී කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් පමණ දුරින් ගිනි ගැනීමට ලක්වූ X-PRESS PEARL නෞකාවේ අන්තරායකාරී ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81ක් තිබුණි. ඒවායේ තිබු දේවල් මේ වනවිට මාතර සිට පුත්තලම දක්වා වෙරළට ගොඩගසමින් පවතින්නේ මියගිය මුහුදු ජීවින් ද සමගිනි.

මියගිය කැස්බෑවන්, මත්ස්‍යයින් සහ ඩොල්ෆින් වැනි සතුන් වෙරළට ගොඩගසා ඇති අතර උන්ගේ මරණවලට හේතුව නැව අනතුරට ලක්වීම ද යන්න නිශ්චිතව තහවුරු කර ගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සාගර පරිසර පද්ධතිය මිනිසාට සහ පරිසරයේ පැවැත්මට කොයිතරම් වැදගත්වේ ද යන්න අදවන් දිනෙක විමසා බැලීම අගනේය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චමරී දිසානායක සමග කළ සංවාදයක් ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කර තිබේ.

01. ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන්වලින් 50%ක් පමණ සපයන්නේ සාගරයයි

ඔක්සිජන් පරිසරයට මුදා හැරීම මෙන්ම කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කිරීම ජීවීන්ගේ පැවැත්ම සඳහා ඉතා වැදගත් පරිසර සේවාවකි.

කාබන් ඩයොක්සයිඩ් සාගර ජලයේ දියවේ. එමෙන්ම සාගරයේ ඇති ජලජ ශාක සහ ප්ලවාංග ආදිය ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදාගැනීම නිසා සාගර පරිසර පද්ධතිය පෘථිවියේ උණුසුම පාලනයට සහ කාබන් චක්‍රය පවත්වාගෙන යෑමට ඉතා වැදගත් මෙහෙයක් සිදු කරනු ලැබේ.
කාබන් ඩයොක්සයිඩ් සාගර ජලයේ දියවේ. එමෙන්ම සාගරයේ ඇති ජලජ ශාක සහ ප්ලවාංග ආදිය ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදාගැනීම නිසා සාගර පරිසර පද්ධතිය පෘථිවියේ උණුසුම පාලනයට සහ කාබන් චක්‍රය පවත්වාගෙන යෑමට ඉතා වැදගත් මෙහෙයක් සිදු කරනු ලැබේ.

”බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ සාගරය වැදගත් වෙන්නේ අපිට මාළු අල්ල ගන්න කියලා. ඒ වගේම ගොඩබිම තියෙන ගස්වැල් සහ වනාන්තර මගින් ඔක්සිජන් නිපදවීම ගැන තමයි බොහෝදෙනා අවධානය යොමු කරලා තියෙන්නේ. නමුත් ජීවීන්ට අවශ්‍ය ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 50%ක් පමණ සපයන්නේ සාගරයේ තියෙන ප්ලවාංග වල ප්‍රභාසංශ්ලේෂණයෙන්.” යනුවෙන් ආචාර්ය චමරී දිසානායක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

02. ලොව පුරා භාණ්ඩ ප්‍රවාහනයෙන් 80%ක් සිදු වන්නේ සාගරය හරහා ය.

පෘථිවියෙන් 70% ක ප්‍රදේශය වැසී පවතින්නේ සගරයෙනි.

නෞකා යොදාගෙන අද ලොව පුරා භාණ්ඩ සහ මගීන් ප්‍රවාහනය කරනු ලැබේ. එහිදී භාණ්ඩ ප්‍රවාහනයෙන් 80%ක් සිදු වන්නේ සාගරය හරහා ය. ශ්‍රී ලංකාව එම ජාත්‍යන්තර නාවුක ගමනා ගමන මාර්ගයේ කේන්ද්‍රස්ථානයකි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්තාවලට අනුව 2021 මේ දක්වා කාලය තුළ කොළඹ වරායට පැමිණි නෞකා සංඛ්‍යාව 1521කි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ආසන්නයෙන් නෞකා 3000ක් යාත්‍රා කරන විට ඉන් 30%ක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවට ගණන් බලා තිබේ.

03. ජල චක්‍රය සහ කාබන් චක්‍රය පවත්වාගෙන යෑම සඳහා ද සාගර පරිසරය ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරයි.

හිරු එළිය පතිත වූ විට සාගර ජලය රත්වී ජලය වාශ්පිකරණය වීම නිසා වළාකුළු නිර්මාණය වේ. එමගින් වැසි ඇති වන අතර ඒවා වගා කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සඳහා භාවිත කෙරේ. එමෙන්ම වායුගෝලයේ ආර්ද්‍රතාව පවත්වාගෙන යෑමට සහ පරිසරයේ උෂ්ණත්ව යාමනයට (ප්‍රශස්ථ මට්ටමින් පවත්වාගැනීමට) ද මෙම ජල චක්‍රය වැදගත් වේ.

''දැන් කතා කරන්නේ නීල ආර්ථිකයක් ගැන. මේකෙදි අපි කරන්නේ සාගරය භාවිත කරලා අපේ ආර්ථිකය ජයගන්න ක්‍රියා කිරීම. උදාහරණයක් විදියට අපේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නම් කරන්න පුළුවන්'' - ආචාර්ය චමරී දිසානායක
”දැන් කතා කරන්නේ නීල ආර්ථිකයක් ගැන. මේකෙදි අපි කරන්නේ සාගරය භාවිත කරලා අපේ ආර්ථිකය ජයගන්න ක්‍රියා කිරීම. උදාහරණයක් විදියට අපේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නම් කරන්න පුළුවන්” – ආචාර්ය චමරී දිසානායක

කාබන් ඩයොක්සයිඩ් සාගර ජලයේ දියවේ. එමෙන්ම සාගරයේ ඇති ජලජ ශාක සහ ප්ලවාංග ආදිය ප්‍රභාසංශ්ලේෂණය සඳහා කාබන් ඩයොක්සයිඩ් යොදාගැනීම නිසා සාගර පරිසර පද්ධතිය පෘථිවියේ උණුසුම පාලනයට සහ කාබන් චක්‍රය පවත්වාගෙන යෑමට ඉතා වැදගත් මෙහෙයක් ඉටුකරනු ලැබේ.

”ඒ වගේම තමයි ශාක ප්ලවාංග මියගිය පසු ඒවා සාගර පතුලේ ගිලෙනවා. එවිට ඒවායේ ඇති කාබනික ද්‍රව්‍ය තෙල් සහ ගෑස් නිෂ්පාදනට වැදගත් වෙනවා. ඇතැම් මුහුදු ජිවින්ගේ කවච නිර්මාණය වී තිබෙනේ කැල්සියම් කාබනේට් වලින්. ඒවායේ ද කාබන් තිර වෙනවා. මුහුදු තෘණ භූමී (Seagrass bed), ලවණ වගුරු (Salt marshes) සහ කඩොලාන (mangroves) කාබන් අනුපිළිවළ පවත්වාගෙන යෑම සඳහා වැදගත් මෙහෙයක් ඉටු කරනවා.” යනුවෙන් ආචාර්ය චමරී දිසානායක පැවසුවාය.

04. කාලගුණ සහ දේශගුණ තත්ත්ව ප්‍රස්ථ අයුරින් පවත්වාගෙන යෑම

පෘථිවියට වැටෙන තාපය ඉතා විශාල ප්‍රමාණයක් සාගර ජලය මගින් අවශෝෂණය කරගනු ලැබේ. සාගර දියවැල් මගින් එම තාපය ඉතා විශාල ප්‍රදේශයකට ප්‍රවාහනය කරයි. මෙය කාලගුණ සහ දේශගුණ තත්ත්ව පවත්වා ගැනීමට ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි.

”මේ උණුසුම් දියවැල් වැදගත් වෙනවා සමහර රටවල ප්‍රශස්ථ උෂ්ණත්වයන් පවත්වාගෙන යන්න. උදාහරණයක් විදියට ඔබ අහලා ඇතිනේ අයිස්ලන්තය ගැන. මේ අයිස්ලන්තය වටා තියෙන මුහුදු ප්‍රදේශය මිදෙන්නේ නැතිව පවත්වාගෙන යන්න මේ උණුසුම් දියවැල් ඉතා වැදගත් වෙනවා. එය එම රටේ උෂ්ණත්ව යාමනයට වගේම ධීවර කටයුතු වලට ඉතා වැදගත්. එංගලන්තය, අයර්ලන්තය වගේ රටවල ශීත තත්ත්වයන් පාලනයට ගල්ෆ් උණුසුම් දියවැල වැදගත් වෙනවා.” යනුවෙන් ආචාර්ය චමරී දිසානායක විස්තර කළාය.

ඝර්ම කලාපයෙන් උණුසුම් දියවැල් ඇති වෙනවා සේම ශීත කලාපයේ සිට සීත දියවැල් ඝර්ම කලාපය වෙත පැමිණෙයි. මෙම ක්‍රියාවලිය කාලගුණ සහ දේශගුණ තත්ත්ව ප්‍රශස්ථ අයුරින් පවත්වාගෙන යෑම සඳහා ඉතා වැදගත් වේ.

05. සත්ත්ව ප්‍රෝටීනවලින් 16% සැපයෙන්නේ මත්ස්‍ය කර්මාන්තයෙන්

ලොව පුර බිලියන ගණනකගේ ආහාර වේලට මාළු ඇතුළත් වේ. සත්ත්ව ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් 16% සපුරා ගන්නේ මාළු ආහාරයට ගැනීමෙනි. මීට අමතරව ඉස්සන්, කකුළුවන් සහ බෙල්ලන් වැනි මුහුදු ආහාර සඳහා මෙන්ම මුහුදු පැළෑටි හා ඇල්ගී සඳහා ද හොඳ ඉල්ලුමක් පවතී. අප ලබා ගන්නා සෝඩියම්, කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ක්ෂුද්‍ර පෝෂකවල ප්‍රධාන ප්‍රභවය වන්නේ ද සාගරයයි.

”අපේ ශරීරයට ඔමේගා 03 සහ ඔමේගා 06 කියන මේද අම්ල අවශ්‍ය වෙනවා. අපි මොර ගුලි කියලා ගන්න දේවල මුලිකව අඩංගු වෙන්නේ මේවා. මේවයේ මුලික ප්‍රභවය වෙන්නෙත් සත්ත්ව තෙල්. මේවා ලබා ගන්න අපිට වැදගත් වෙන්නේ සාගරය.” යනුවෙන් ආචාර්ය චමරී දිසානායක කියා සිටියාය.

අප ලබා ගන්නා සෝඩියම්, කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ක්ෂුද්‍ර පෝෂකවල ප්‍රධාන ප්‍රභවය වන්නේ ද සාගරයයි.
අප ලබා ගන්නා සෝඩියම්, කැල්සියම්, පොටෑසියම් සහ මැග්නීසියම් වැනි ක්ෂුද්‍ර පෝෂකවල ප්‍රධාන ප්‍රභවය වන්නේ ද සාගරයයි.

මිනිසුන් ආහාරයට ගන්නා දේ වගා කිරීමට මෙන්ම ඒවා ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට හෝ අපනයනය සඳහා ද සාගරය වැදගත් වේ. මිනිසුන්ට පමණක් නොව සත්ත්ව පාලනය සඳහා අවශ්‍ය ආහාරවලින් වැඩි කොටසක් ද අපි සාගරයෙන් ලබා ගන්නෙමු.

06. ”නීල ආර්ථිකයට” සාගරයේ දායකත්වය

මේ වනවිට ලොව පුරා නීල ආර්ථික සංකල්පය ගැන කතිකාවක් ඇති වී තිබේ. නීල ආර්ථිකය යනු සමුද්‍ර සම්පත් තිරසර ලෙස භාවිතයෙන් ආර්ථිකය, ජීවන මට්ටම සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමයි.

”ඉස්සර අපි කතා කළේ කෘෂිකර්මය මත පදනම් වූ හරිත ආර්ථිකයක් ගැන. නමුත් දැන් කතා කරන්නේ නීල ආර්ථිකයක් ගැන. මේකෙදි අපි කරන්නේ සාගරය භාවිත කරලා අපේ ආර්ථිකය ජයගන්න ක්‍රියා කිරීම. උදාහරණයක් විදියට අපේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නම් කරන්න පුළුවන්. ලෝකයේ දූපත් රටවල් දැන් මේකට පෙළඹීමේ ප්‍රවනතාවයක් තියෙනවා.” යනුවෙන් සාගරයේ ඇති ආර්ථික වටිනාකම ගැන ආචාර්ය චමරී දිසානායක තවදුරටත් බීබීසී සිංහල සේවයට පැහැදිළි කළා ය.

07. 2030 වන විට සාගරය ආශ්‍රිත රැකියා මිලියන 40ක්

2030 වන විට සාගරය ආශ්‍රිත රැකියා ප්‍රමාණය මිලියන 40ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ. ශ්‍රී ලංකාවේ ද විශාල පිරිසක් ධීවර කර්මාන්තය ඇතුළු සාගරය ආශ්‍රිත රැකියාවල නිරතව ඇත.

2030 වන විට සාගරය ආශ්‍රිත රැකියා ප්‍රමාණය මිලියන 40ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
2030 වන විට සාගරය ආශ්‍රිත රැකියා ප්‍රමාණය මිලියන 40ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.

මීට අමතරව සංචාරක කර්මාන්තය නිසා ද සාගරය කේන්ද්‍ර කරගත් රැකියා විශාල රැකියා ප්‍රමාණයක් පවතී.

”අපි දේශීය හා විදේශීය සංචාරකයන් එක්ක කොරල් බලන්න, තල්මසුන් බලන්න, ඩොල්ෆින් බලන්න යනවා. සමහර වෙලාවට අපි යනවා මුහුදෙ කිමිදෙන්න. වෙරළ ආශ්‍රිතව හෝටල් තියෙනවා. මේ විදියට බැලුවහම සාගරය කියන්නේ රැකියා උල්පතක්.’ඒ වගේම අපි දන්නවා කැස්බෑ අභිජනන මධ්‍යස්ථාන, විසිතුරු මසුන් නැරඹීම මේ සියලු දේවල් සාගරය හා බැදුණු දේවල්.’ යනුවෙන් ආචාර්යවරිය විස්තර කළා ය.

08. සාගරයේ ජෛව විවිධත්වය

පෘථිවියේ 70% පුරා විහිදුණු, මීටර් 11,000ක් පමණ ගැඹුරු සාගරයේ ජෛව විවිධත්වය ගැන මේ දක්වා පුර්ණ අධ්‍යනයක් සිදුකර නැත. එහෙත් ඇතැම් ස්ථානවල ජෛව විවිධත්වය පිළිබඳ ඇගයීම් කර ඇති අතර ඒ ඇසුරෙන් අපට සාගරයේ ජෛව විවිධත්වය ගැන යම් අදහසක් ලබා ගත හැකිය.

''අපි උදාහරණයකට ගමු ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය. එහි කොරල් විශේෂ 400කට වැඩියි. ඒ වගේම මාළු විශේෂ 1500කට සහ බෙල්ලන් විශේෂ 4000කට විතර වාසස්ථානය සපයනවා. ඒ වගේම කැස්බෑ විශේෂ හතෙන් හයක්ම මේ ආශ්‍රිතව හමු වෙනවා.''
”අපි උදාහරණයකට ගමු ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය. එහි කොරල් විශේෂ 400කට වැඩියි. ඒ වගේම මාළු විශේෂ 1500කට සහ බෙල්ලන් විශේෂ 4000කට විතර වාසස්ථානය සපයනවා. ඒ වගේම කැස්බෑ විශේෂ හතෙන් හයක්ම මේ ආශ්‍රිතව හමු වෙනවා.”

කොරල්පර පෘථිවිය මත ඇති ජෛව විවිධත්වය අධික ස්ථානයකි. අන්වීක්ෂිය ජිවින්ගේ සිට ඉතා විශාල විවිධත්වයක් එහි දක්නට ලැබේ.

”අපි උදාහරණයකට ගමු ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල්පරය. එහි කොරල් විශේෂ 400කට වැඩියි. ඒ වගේම මාළු විශේෂ 1500කට සහ බෙල්ලන් විශේෂ 4000කට විතර වාසස්ථානය සපයනවා. ඒ වගේම කැස්බෑ විශේෂ හතෙන් හයක්ම මේ ආශ්‍රිතව හමුවෙනවා.” යනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය චමරී දිසානායක බීබීසී සිංහල සේවයට පැවසුවාය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here