කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන…

0
446
කැබිනට් අමාත්‍යවරුන්ගේ විෂය පථයන් හා අදාළ ආයතන…

අද (12) දිනයේ කැබිනට් අමාත්‍යවරුන් 26 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 39 දෙනෙකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඒ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ පිහිටි මඟුල් මඩුවේ දීය.

දිවුරුම් දුන් කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අතරට නවක මන්ත්‍රීවරු 7 දෙනෙකු ඇතුළත් වේ.

කැබිනට් අමාත්‍යවරුන්ට පැවරෙන විෂය පථයන් මේ වන විට ගැසට් කර තිබේ.

ඒ අනුව එක් එක් අමාත්‍යවරුන්ට අදාළ විෂය පථයන් හා අදාළ ආයතන මෙසේය.

01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය 

ජාතික ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රමුඛව ශ්‍රී ලංකාවේ සියලූම ජනතාවගේ සුරක්ෂිතබව සහතික කරමින්, අපරාධ හා සමාජ විරෝධී හා ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම්වලින් තොර වු නීතිය හා සාමය ස්ථාපිත රටක් ඇති කිරීම.

02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

මුදල් අමාත්‍යාංශය – සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, වාර්ෂික අයවැය හා විෂර්ජන පනත් සම්බන්ධ වගකීම්, රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, දේශීය හා විදේශීය ඉතුරු කිරීම් හා අයෝජන, රාජ්‍ය ණය, බැංකු, මූල්‍ය හා රක්ෂණ කටයුතු ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතා, සමාජ ආරක්ෂණ හා ආර්ථික සංවර්ධන කටයුතු මෙහෙයවීම.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවය තුළ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරමින්, අනෙකුත් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂක කිරීම හා සම්බුද්ධ ශාසනයේ චිරස්ථීතිය උදෙසා කටයුතු කිරීම හා ශ්‍රී ලාංකීය ප්‍රෞඩත්වය හා අනන්‍යතාවය ස්ථාපිත කරමින් ඉතිහාසය, පුරාවිද්‍යාව, සාහිත්‍ය, කලාව ආදී සංස්කෘතිමය විහිදීම් සංරක්ෂණය කිරීම හා උසස් රසඥතාවයක් උදෙසා එම අංශයන්හි ධනාත්මක ප්‍රගමනය තහවුරු කිරීම

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය – භෞතික අවකාශයේ නව ප්‍රවේශයක් හරහා ආර්ථීක කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙන්ම, සුවපහසු, සුපිරිසිදු නගර ඇති කිරීම සහ ජනතාවට ඇවැසි නේවාසික හා නාගරික පහසුකම් ලබා දීම.

03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

කම්කරු නීති ප්‍රඥප්ති ප්‍රමිති සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ සබඳතා පවත්වා ගනිමින්, කම්කරු ප්‍රජා ආරක්ෂණය, සුබසාධනය සිදු කිරීම හා කාර්මික සාමය හා සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම.

04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

දැනුම පදනම් කරගත් සමාජ ආර්ථීකයක් කරා ශ්‍රී ලාංකීය ජනතාව නගා සිටුවීම සඳහා තිරසර අධ්‍යාපන ක්‍රමෝපායන් මගින් ළමා මිතුරු අධ්‍යාපන,නවෝත්පාදන පදනම් කරගත් දැනුම හා විශිෂ්ට උසස් අධ්‍යාපන ක්‍රමයකට අවශ්‍ය ඉඩප්‍රස්ථා අනාගත පරපුර වෙත විවෘත කරදීම.

05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

කායික, මානසික, සාමාජීය සුවතාව මෙන්ම, ආධ්‍යාත්මික සුවතාව ද ඉලක්ක කර ගනිමින් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් මත පදනම්ව බටහිර මෙන්ම දේශීය වෛද්‍ය ක්‍රම උපයෝගීතාවය තුළ නිරෝගිමත් ජනතාවක් බිහි කිරීම සඳහා කටයුතු කිරීම.

06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

මිත්‍රශීලී හා නොබැඳුණු විදේශ ප්‍රතිපත්තියක් මත ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරමින් සමාජ, ආර්ථීක, දේශපාලන හා සංස්කෘතිමය වපසරියන් තුළ ද්වි පාර්ශවික හා බහුපාර්ශවික සබඳතා ඔස්සේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ඔසවා තැබීම.

07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

දේශීය වශයෙන් මත්ස්‍ය පරිභෝජන අවශ්‍යතා සපුරාලමින්, දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගත් ශක්තිමත් ව්‍යාපාරික ප්‍රජාවක් බිහිකරලමින් ධීවර ප්‍රජාවගේ සමාජ හා ජීවන මට්ටම් ඉහළ නංවමින් ජාතික ආර්ථීකයට ඉහළ දායකත්වයක් දක්වන ධීවර කර්මාන්තයක් ඇති කිරීම.

08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

මගී හා භාණ්ඩ ප්‍රවාහනය, සංචාරක මගී පහසුකම්, අදාල යටිතල පහසුකම්, සේවා ප්‍රමිතීන්, මාර්ග තදබද හා අනතුරු වලක්වා ගැනීමේ සමස්ථ ප්‍රවාහන සේවය පොදු කාලසටහනකට ක්‍රියාත්මක වන ජනතා විශ්වාසය තහවුරු වන ප්‍රවාහන සේවයක් පවත්වා ගැනීම, ආයතනික ව්‍යුහය ශක්තිමත් කිරීම හා මහා මාර්ග හා දුම්රිය මාර්ග පදනම් කරගත් පරිසර හිතකාමී මෙන්ම මහජන හිතකාමී ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කිරීම.

09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

පාරිභෝගිකයින් ගේ අයිතීන් ආරක්ෂා කරමින් තරගකාරී දේශීය වෙළෙඳ ජාලයක් හරහා ජනතාව වෙත අවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ලබා දීම සඳහා කටයුතු කිරීම.
10. සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

වනජීවි හා වන සම්පත් සංරක්ෂණය මගින් ජෛව විවිධත්වය පෝෂණය කිරීම හා පරසර සංවේදී වන වගාවන් තුළින් ජාතික වන වැස්ම පුළුල් කිරීම හා වන සතුන් ජීවත්වන ස්වභාවික පරිසරය සංරක්ෂණය කිරීම.

11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

සියලූ රාජ්‍ය සේවාවන්හි පූර්ණ ධාරිතා සංවර්ධනයක් සිදු කරමින් නව තොරතුරු තාක්ෂ‚ක ක්‍රමෝපායන් ඔස්සේ කාර්යයන් ද්විකරණය වළක්වාලමින් සේවා දායකයින් වෙත ප්‍රශස්ථ සේවාවක් ලබා දීම හා පළාත් හා ප්‍රාදේශීය මට්ටමින් පවතින අසමානතා අවම කරමින් ජනතාව වෙත උසස් සේවා සැපයීමක් ලබාදීම.

12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

භාෂාවේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළුව නිවැරදි තොරතුරු දැනගැනීමේ ජනතා අයිතිය තහවුරු කරන තොරතුරු දැනුම හා මතවාදයන් සමබර සන්නිවේදනයක් සඳහා උචිත ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම මෙන්ම ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමය කුසලතා සංවර්ධනයට කටයුතු කිරීම.

13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

දිවයින පුරා ඇති වැව් හා වාරිමාර්ග, ජලාශ පද්ධතිය හා ආශ්‍රිත ඇළ වේලී සංරක්ෂණය කරමින් කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම ජල විදුලි බලාගාර හා පානීය ජලසම්පාදනයට අවශ්‍ය කළමනාකරණය, වාරිමාර්ග පද්ධතිය පුළුල් කිරීම. ජලය කාර්යක්ෂමව පාවිච්චි කිරීමේ නව තාක්ෂණ ක්‍රමවේදයන් හඳුන්වා දීම සහ හා අදාළ කටයුතු.

14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

දිගුකාලීන විදුලි ජනන සැලැස්ම උපයෝගී කර ගනිමින්, සියලූම නාගරික හා ග්‍රාමීය ප්‍රජාවගේ අවශ්‍යතාවයන් සඳහා විදුලි බල අවශ්‍යතා සපුරාලීම හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරවල වෙළඳපළ තරගකාරීත්වය තහවුරු වන විදුලි බලය සැපයීම හා බලශක්ති සුරක්ෂිතතාවය ස්ථාපිත කිරීම.

15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

මහජනතාවට යාම් ඊම් සඳහා අවශ්‍ය මාර්ග පහසුකම් සැපයීම හා ශ්‍රී ලංකාව සංවර්ධිත ආර්ථීකයක් කරා රැගෙන යාමට අවශ්‍ය සහසම්බන්ධිත මාර්ග පද්ධතියක් ස්ථාපනය කිරීම.

16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

කර්මාන්ත විවිධාංගීකරණයක් හරහා දේශීය, කලාපීය හා ජාත්‍යන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් ගෝලීය තරඟකාරීත්වය තුළ සාපේක්ෂ ලාභයන් වෙත ළඟාවීම සඳහා දේශීය කර්මාන්ත ක්ෂේත්‍රය නවීන ක්‍රමෝපායන් හරහා ශක්තිමත් කිරීම හා ප්‍රවර්ධනය.

17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හා ස්වභාවික සෞන්දර්යය රැක ගනිමින් ස්වභාවික සම්පත් පරිහරණය කිරීම මෙන්ම වන, වෘක්ෂලතා, වෙරළ, වගුරු බිම්, ඇළ, දොළ, ගංගා හා වන ජීවින් කිරීම, කැලිකසළ වලක්වා ගැනීම හා ඉවත් කිරීම, පිරිසිදු නේවාසික පරිසරයක් හා තිරසාර ආර්ථීක සංවර්ධනයකට ගැලපෙන පරිදි පරිසර ප්‍රතිපත්ති හා ආයතනවලට අදාළ කටයුතු.

18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් හරහා ප්‍රශස්ත ඉඩම් කළමනාකරණයක් තුළින් සංවර්ධන කාර්යයන්, නේවාසික කටයුතු හා පොදු අවශ්‍යතා සඳහා කඩිනම් වැඩපිළිවෙලක් යටතේ ඉඩම් ලබා දීම හා අනාගත පරපුර සඳහා භූමියේ අයිතිය සුරක්ෂිත කිරීම.19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය 

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මත පදනම්ව, නවීන තාක්ෂණ උපයෝගීතාවය තුළ සමෘද්ධිමත් දේශීය කෘෂි සංස්කෘතියක් හා කෘෂි ව්‍යාපාරික ප්‍රජාවක් බිහි කරමින් රටේ දළ ජාතික නිෂ්පාදනයට ඉහළ දායකත්වයක් ලබා දීම හා දේශීය හා ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත ප්‍රමාණවත් වස විසෙන් තොර ගුණාත්මක ආහාර හා කෘෂි නිෂ්පාදන සැපයීම, කෘෂිකාර්මික සම්පත් ඉහළ ඵලදායිතාවයකින් යුතුව ප්‍රයෝජනයට ගැනීම තුළින් ආහාර සුරක්ෂිතතාවය, ගොවි ජනතාවගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කිරීම, යැපුම් කෘෂිකාර්මික ක්‍රමවේදයන් වෙනුවට වාණිජමය වශයෙන් ඵලදායී නව තාක්ෂ‚ක කෘෂි නිෂ්පාදනයකට පරිවර්තනය වීම හා කෘෂිකාර්මීකරණ ක්‍රියාවලියට (Agro industrialization) ප්‍රවේශ වීමෙන් සියලු පාර්ශවයන් ඇතුළත්වන ආර්ථීක සංවර්ධනයක් ඇති කර ගැනීම.

20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

දිවයිනේ සියලූ නිවෙස් ආවරණය වන පරිදි ජල සම්පාදනය කිරීමත්, පවත්නා ජල සම්පාදන හා ජල ප්‍රවාහන පද්ධති ඉහළ ප්‍රමිතියකින් පවත්වා ගැනීම, නඩත්තු කිරීම හා ධාරිතාව පුළුල් කිරීමත්, මල අපද්‍රව්‍ය ඉවත් කිරීමට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත්, පෞද්ගලික හා රාජ්‍ය ආයෝජන දිරි ගන්වමින් ප්‍රමිතියෙන් යුත් පානීය ජල සම්පාදනය හා ඛෙදා හැරීම.

21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කර ගැනීම හා ඉන්ධන ආනයනය අඩුකර ගැනීම සඳහා ජාතික අවශ්‍යතා සැපිරෙන පරිදි ඛනිජ තෙල් හා ගෑස් ඇතුළ අතුරු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීම, ගබඩා පහසුකම් පුළුල් කිරීම හා බෙදා හැරීම් කටයුතු හා අදාළ ප්‍රමිතීන්වල නියාමන කටයුතු හා අදාළ රාජ්‍ය ව්‍යපාර කාර්යක්ෂම ලෙස පවත්වා ගැනීම.

22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

පර්යේෂණාත්මක විධි ක්‍රමයන් නව තාක්ෂ‚ක මෙවලම් හා ප්‍රශස්ත භූමිය උපයෝජනය හරහා අගය එකතු කරන ලද නිෂ්පාදන විවිධාංගීකරණයක් තුළින් අපනයන වෙළඳපළ ආකර්ශනය කර ගැනීම ඉලක්ක කර ගනිමින් සමස්ත වැවිලි ක්ෂේත්‍රය නව මානයක් වෙත යොමු කිරීම.

23. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

ශ්‍රී ලාංකීය සංස්කෘතිය, ජෛව විවිධත්වය, පරිසර හිතකාමීත්වය හා මිත්‍රශීලී ජන අනන්‍යතාවය මතු කරමින් ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශිත රටක් බවට පත්කරමින්, ඉහළ ආදායම් ලබන රැකියා හා ජීවනෝපාය ක්ෂේත්‍රයක් හා උසස් විදේශ විනිමයක් උපයන ආර්ථීක ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම.

24. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගර ජාලයත්, වාණිජ සහ මුදල් කේන්ද්‍රස්ථානයක්, ජාත්‍යන්තර කාර්මික හා සේවා සැපයුම් කේන්ද්‍රස්ථානයක් ලෙසත් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය වරාය හා නාවුක සැපයුම් පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම.

25. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

අභිමානවත්, තුලිත පෞරුෂත්වයකින් හෙබි, ජවසම්පන්න තරුණ ප්‍රජාවක් ඇති කිරීම, බාහිර ක්‍රියාකාරකම්වලට යොමු කරමින් සෞඛ්‍ය සම්පන්න ළමා හා තරුණ පිරිසක් බිහිකිරීම, ක්‍රීඩා හිතකාමී ජන සමාජයක්, නාගරික සංවර්ධන, සංචාරක, වාණිජ හා ජාත්‍යන්තර සබඳතා ගොඩනඟන ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීම.

26. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය

ජනතාවගේ පරමාධිපත්‍ය බලය ප්‍රමුඛත්වය තබා ක්‍රියාත්මක කරන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින්, නීතිය වෙත ප්‍රවිෂ්ඨ වන හා නීතියේ රැකවරණය සැමට සර්ව සාධාරණ වන සේ කටයුතු කිරීම උදෙසා නෛතිකමය පසුබිම සකස් කිරීම හා භෞතික පහසුකම් සලසාලීම.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here