සේවයට කැඳවීමේ ලිපිය අනිවාර්යයි : හෙට සිට වැඩ අරඹන රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්…

0
567

සේවයට කැඳවීමේ ලිපිය අනිවාර්යයි : හෙට සිට වැඩ අරඹන රාජ්‍ය සහ පුද්ගලික අංශ සේවකයින්ට විශේෂ දැනුම් දීමක්…

ඇඳිරි නීතිය පනවා තිබියදී හෙට (11) දිනයේ සිට රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු අරඹන කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක වල රාජකාරි කටයුතු ඇරඹීමේදී කටයුතු කළ යුතු ආකාරය ගැන පොලිසිය මහජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සේවකයින් තම කාර්යාල වෙත උදෑසන 8.30 ට පෙර වාර්තා කොට රාජකාරි නිමවා සවස 3-4 ත් යන කාල සීමාවේදී නිවෙස් බලා යාම උචිත බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පෞද්ගලික අංශයේ රාජකාරී කටයුතු ඇරඹීම උදෑසන 10.00 ට සිදුවන බැවින් එම සේවකයින්ට උදෑසන 8.30 පසුව කාර්යාල වෙත බලා ඒමට නිවෙස් වෙතින් පිටව යාමට හැකි බවයි ඔහු සඳහන් කලේ. එමෙන්ම පෞද්ගලික අංශයේ සේවකයින්ට සවස 4-5 අතර කාල සීමාවේදී නිවෙස් වෙත යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළා.

මාර්ග පරික්ෂා කිරීමේදී ඇතිවන තදබදය අවම කිරීම මෙම කාලසීමාවන් හඳුන්වාදිමේ මුලික අරමුණ බවයි ඔහු සඳහන් කර සිටියේ.

පොදු ප්‍රවාහන සේවාවන් සහ සේවා මුර ලෙසට කටයුතු කරන රාජ්‍ය, පෞද්ගලික, කර්මාන්තශාලා සේවකයින්ට මෙම රීතිය බල නොපාන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

පුද්ගලික වාහන මගින් රැකියා සඳහා පැමිණෙන පුද්ගලයින්ට එය සනාථ කරමින් පැමිණිය හැකි බවත් එසේ නොමැති නම් බස්නාහිර පළාත තුල වාහන ධාවනයට අවසර නොදෙන අතර එසේ සිදුකරන ක්‍රියාවන් ඇඳිරි නීතිය කඩ කිරීමක් ලෙස සලකන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියා.

සේවා ස්ථාන සඳහා ගමන් කිරිමට සහ ආපසු යාමට ත්‍රිරෝද රථ හෝ කුලී ගමන් සේවා රථ යොදා ගැනීමේදී එහි ගමන් ගන්නා පුද්ගලයින් නිරෝධායන රීතීන් වලට අනුකුලව කටයුතු කළ යුතුයි. ත්‍රිරෝද රථයක යා හැකි උපරිම මගින් සංඛ්‍යාව 02ක් වන අතර මෝටර් රථයක යා හැකි උපරිම සංඛ්‍යාව 03 දෙනෙක් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර සිටියා.

හෙට සිට රාජකාරි ඇරඹිමේදී අදාළ සේවක සේවිකාවන් තමන් සේවය කරන ස්ථානයෙන් නිකුත් කර ඇති සේවා හැඳුනුම්පතක් හෝ ලේඛණයක් තිබිම අනිවාර්යයි. එසේත් නැත්නම් අදාළ සේවකයින්ගේ ජාතික හැඳුනුම්පතේ හෝ ඔවුන් සිදුකරන වෘත්තීය සඳහන් විය යුතුය.

ඊට අමතරව පොලිසිය විසින් පරික්ෂා කිරීමේදී පෙන්වීම සඳහා යම් කිසි සේවා ස්ථානයක් මගින් රාජකාරි සඳහා තමන්ව සේවාව සඳහා කැඳවා ඇති බවට සනාථ කිරීමේ ලේඛණයක් සතුවිය යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

එම ලේඛණය ලියැවිල්ලකින් නොවුනත් වයිබර්, වට්ස්ඇප්‍ මාර්ගයෙන් හෝ විද්‍යුත් ලිපිනය මගින් එම සනාථ කිරීමේ ලිපිය තමන් සතුව තබා ගෙන ආරක්ෂක අංශ වෙත පෙන්වීමට හැකියාව ඇත.

ස්මාර්ට් දුරකථනායක්‌ නොමැති අයට තම ජංගම දුරකථනයට ආයතන ප්‍රධානියාගෙන් අදාළ රාජකාරියට පැමිණෙන දිනය සනාථ කොට කෙටි පණිවිඩයක් (SMS) තබා ගෙන ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කළ හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියේ.

අනවශ්‍ය ලෙස සේවා ස්ථාන සඳහා පැමිණෙන බවට පවසමින් ජනතාව පොදු ප්‍රවාහන භාවිතා කිරිම වැළැක්වීම මෙහි අරමුණ බවත්, මෙම ලිපිය රැකියාවන් සඳහා හෙට සිට පැමිණීමේදී අනිවාර්ය බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටියා.

දිස්ත්‍රික් අතර ගමනා ගමනය කිරීමේදී රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ සේවය කරන සේවකයෙක් නම් අදාළ ආයතන විසින් තමන්ව සේවයට කැඳවා ඇති බවට තහවුරු කිරීමේ ලේඛණයක්‌, රාජකාරි හැඳුනුම්පත අනිවාර්යෙන්ම ආරක්ෂක අංශ වෙත ඉදිරිපත් කිරීම සිදුකළ බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කර සිටියේ.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here