කොරෝනා වෛරසය: අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද…?

0
963

කොරෝනා වෛරසය: අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද…?

මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි ලෙස ලබා දී ඇති පණිවුඩය වන්නේ වයස වැඩි වන තරමට කොරෝනාවෛරසයේ අනතුරු ද වැඩි වන බවය.

බ්‍රිතාන්‍ය ලේබර් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන වෛද්‍ය රොසේනා ඇලින් ඛාන් බීබීසී වෙත අදහස් දක්වමින් කියා සිටියේ වෛරසය “වයස්ගත සහ වෙනත් රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන්ට පමණක් සීමා නොවන” බවය.

ඇය ඒ බව සඳහන් කළේ එංගලන්තයේ, වෙනත් රෝගී තත්ත්වයකින් පසු වූ දහ අට හැවිරිදි තරුණයෙකු කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත්ව දිනකට පසුවය.

පවුලේ සාමාජිකයන් පවසන පරිදි ‘කිසිඳු රෝගී තත්ත්වයක් නොතිබුණු’ විසි එක් හැවිරිදි තරුණියක ද කොරෝනාවෛරසය ආසාදනය වී මරණයට පත්ව ඇති බව එංගලන්තයෙන් බදාදා (මාර්තු 25) වාර්තා විය.

තමා විසින් පෙර ප්‍රතිකාර කරන ලද “යහපත් ශරීර යෝග්‍යතාවෙන්” පසු වූ වයස 30 ගණන්වල සහ 40 ගණන්වල රෝගීන් මේ වන විට දැඩි සත්කාර ඒකකවලට ඇතුලත් කර ඇති බවත් ඔවුන් “ජීවිතය බේරා ගැනීම සඳහා සටන් කරන” බවත් වෛද්‍ය රොසේනා ඇලින් ඛාන් පැවසීය.

Children

ඒ ඒ වයස් කාණ්ඩවලට ඇති අනතුරු මොනවාද?

සමස්තයක් වශයෙන් වයස්ගත පුද්ගලයන් වැඩි අවදානමකට ලක් වන බව තවමත් පෙන්නුම් කරේ.

කොරෝනාවෛරසය

වයස් සීමාව සහ රෝහල් ගත වීමට ඇති හැකියාව අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බව ඉම්පීරියල් කොලේජ් ඔෆ් ලන්ඩන්හි පර්යේෂකයෝ සොයා ගත්හ. රෝහල්ගත කිරීමෙන් පසු දැඩි සත්කාර අවශ්‍ය වන්නේ බොහෝ විට වයස්ගත පුද්ගලයන්ට බවත් එහිදී පෙනී ගොස් ඇත.

රෝග ලක්ෂණ හේතුවෙන් වයස 50 ගණන්වලට අඩු 5% තරම් අඩු ප්‍රතිශතයකට රෝහල් ප්‍රතිකාර අවශ්‍ය වන නමුත් වයස 70-79 අතර පසුවන පුද්ගලයන්ගේ එම ප්‍රතිශතය 24% දක්වා වැඩි වේ.

ඒ හා සමාන ලෙස රෝහල්ගත කෙරෙන වයස 40 ට අඩු පුද්ගලයන්ගෙන් 5% කට දැඩි සත්කාර අවශ්‍ය වේ. රෝහල්ගත කෙරෙන වයස 60 ගණන්වල පුද්ගලයන්ගෙන් 27% කටත් වයස 70 ගණන්වල පුද්ගලයන්ගෙන් 43% කටත් දැඩි සත්කාර අවහ්‍ය වේ.

වයස 80 ඉක්මවන විට දැඩි සත්කාර අවශ්‍ය වීමේ ප්‍රතිශතය 71% දක්වා ඉහළ යන බව චීනයේ සහ ඉතාලියේ කොරෝනාවෛරස් රෝගීන්ගේ වාර්තා මත පදනම්ව ඇස්තමේන්තු කර ඇත. කොරෝනාවෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එම රටවල් දෙකටය. කෙසේ නමුත් අද වන විට වෛරසය ආසාදිත පුද්ගලයන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙනි.

එක් සමීක්ෂණයකින් පෙන්නුම් කෙරෙන්නේ එංගලන්තය, වේල්ස් සහ උතුරු අයර්ලන්තයේ දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කෙරෙන රෝගීන්ගේ වයස්වල සාමාන්‍ය 63 ක් බවය.

මේ අතර රෝහල් ගත කෙරුණු පුද්ගලයන්ගෙන් 53% ක් වයස 55 ඉක්මවූවන් බව ආරම්භක දත්ත අනුව පෙනී යන්නේ යයි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ මර්දනය කිරීමේ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව රෝහල් ගත කෙරුණු පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප්‍රතිශතයක් ඊට වඩා වයසින් අඩු පුද්ගලයන් බව පෙනී යයි.

නමුත් දැඩි සත්කාර ඒකක වෙත ඇතුළු කෙරෙන සහ මිය ගිය සංඛ්‍යාවෙන් වඩාත් වැඩි කොටසක් වයස්ගත පුද්ගලයන්ය (මරණයට පත් 80% ක් පමණ වයස 65 ඉක්ම වූවන්ය)

සාමාන්‍ය තත්ත්වයන් සහ තනි පුද්ගලයන් වශයෙන් ඇති බලපෑම

ඉහත දැක්වෙන්නේ සාමාන්‍ය තත්ත්වයන්ය.

ඉතාලියේ වයස 40 ගණන්වල පසු වූ රෝගීන්ගෙන් 0.4% මරණයට පත්ව ඇති අතර වයස 80 ගණන්වන විට එම ප්‍රතිශතය 19.7% දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර එක්සත් ජනපදයේ වයස 40 ගණන්වල පසු වූ රෝගීන්ගෙන් 0.7% ක් මරණයට පත්ව ඇතැයි ඇස්තමේන්තු කෙරේ.

එක්සත් ජනපදයේ ආසාදන සහ බෝවන රෝග ජාතික ආයතනයේ අධ්‍යක්ෂ අන්තෝනි ෆවුසි කියා සිටියේ මරණයට පත් වූවන්ගෙන් “වැඩි දෙනෙකු වයස්ගත පුද්ගලයන් සහ වෙනත් රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන් දෙසට වඩාත් වැඩි වශයෙන් බර වන” බවය. කෙසේ නමුත් වෛරසය “ගණිතමය සුත්‍රයක්” නොවන බවත් ඔහු සඳහන් කළේය.

“බරපතළ ලෙස රෝගාතුර වී කෙළවර වන අඩු වයසේ පුද්ගලයන් වාර්තා වේවි” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටින්නේ “වයස 60 ට වැඩි පුද්ගලයන් දැඩි අවදානමක සිටින බව පෙනී ගියත් දරුවන් ඇතුළු තරුණ වයස්වල පුද්ගලයන් මිය ගොස් තිබෙනවා,” යනුවෙනි.

“වැඩිහිටි රෝගීන්ට වඩා, සාමාන්‍යයෙන් කොවිඩ් -19 ආසාදිත දරුවන්ගෙන් බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ ද ළාබාල වියේ පසුවන ළමුන්, විශේෂයෙන් බිළිඳු දරුවන් කොරෝනාවෛරසයට ගොදුරු වීමේ අවදානම වැඩි බව චීනය වෛරසය අසාදනය වූ දරුවන් 2000 ක් ඇසුරින් කළ අධ්‍යනයකින් සොයා ගෙන ඇත.

වෙනත් රෝගී තත්ත්වයන් සහිත පුද්ගලයන්

වයස් සීමාවකින් තොරව වෙනත් රෝගී තත්ත්වයන් ද යම් කාර්යයක් සිදු කරයි.

young woman having throat swabbed

උදාහරණයක් වශයෙන් එක්සත් රාජධානිය තුළ ඇදුම රෝගය සහිත වැඩිහිටි පුද්ගලයන් ලක්ෂ හතලිස් තුනක් වෙසෙන අතර කොරෝනාවෛරසය ආසාදනය වුවහොත් ඔවුන් දැඩි අවදානමකට පත් වේ. ඊට වයස් භේදයක් නොමැත.

2013 වසරේදී එක්සත් රාජධානියේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් සාමාන්‍ය ජීවිතය සම්බන්ධයෙන් අවසන්වරට කරන ලද සමීක්ෂණයට අනුව වයස 25-44 ත් අතර වැඩිහිටියන්ගෙන් 21% ක් කුමන ආකාරයක හෝ දීර්ඝ කාලීන රෝගයකින් පෙළෙති.

තමන් රෝගාබාධයකින් පෙළෙන බව නොදන්නා පුද්ගලයන් ද මේ අතර සිටිය හැක.

ව්‍යාප්තිය මැඩලීමට

වයසින් අඩු පුද්ගලයන් බරපතළ ලෙස රෝගාතුර වීමට අඩු ඉඩක් පැවතිය හැකි නමුත් ඔවුන්ට පහසුවෙන් ම වෙනත් අය වෙත රෝගය රැගෙන යා හැක.

ඔවුන් වෙතින් රෝග ලක්ෂණ දැකිය නොහැකි හෝ එවැනි ලක්ෂණ අඩු වශයෙන් දැකිය අතර තමන්ට කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව ඔවුන් නොදන්නවා විය හැක.

සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ රෝගී තත්ත්වයන්ට වඩා සැලකිය යුතු මට්ටමකින් කොරෝනාවෛරසය ආසාදනය වීමට වැඩි ඉඩක් පවතින අතර සාමාන්‍ය වශයෙන් එක් අයෙකුගෙන් තවත් පුද්ගලයන් 2-3 අතර සංඛ්‍යාවකට බෝ වීමට ඉඩ ඇති බව ඇස්තමේන්තු කෙරේ.

ඉහත කී 2-3 අතර පුද්ගලයන් හරහා තවත් පුද්ගලයන් 2-3 අතර හෝ ඊට වැඩි සංඛ්‍යාවකට වෛරසය පැතිර යයි. කුඩා සංඛ්‍යාවකින් ආරම්භ වන රෝගීන් පිරිස ඉතා වේගයෙන් සිය ගණනක් හෝ දහස් ගණනක් දක්වා වර්ධනය විය හැකි බවක් ඉන් පෙනෙන්නට තිබේ.

පුද්ගලයන් අතර දුරක් පවත්වා ගනීම මගින් කොරෝනාවෛරසය පැතිර යාමේ දාමය බිඳ දැමිය හැක.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here