රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි…

0
886

රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි…

දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන සියලු මගීන් දින 14 ක කාලයක් සඳහා රටට ඇතුලත් කර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරිම සඳහා මෙම පියවර ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටියේ.

දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත අවසන් ගුවන් යානය හෙට දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

කෙසේ වුවත් මෙම තහනම අද සිට ක්‍රියාත්මක බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ.

මේ අතර කොරෝනා වෛරසය සීඝ‍්‍රයෙන් ව්‍යාප්ත වන රටවල් වන දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානය වැනි රටවලින් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සදහා තවත් මධ්‍යස්ථාන 2 ක් පිහිටුවා තිබෙනවා. එම මධ්‍යස්ථාන දියතලාව සහ කහගොල්ල යන ප‍්‍රදේශවල පිහිටුවා ඇති බවයි යුද හමුදාව පැවසුවේ. මේ වනවිට මධ්‍යස්ථාන දෙකකදි නිරෝධායන කටයුතු සිදුවනවා.

ඒ, මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේයි. එම මධ්‍යස්ථානවල මේ වනවිට නිරෝධායනයට ලක් වන පිරිස 1,100 කට අධික වනවා.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ, නිරෝධායන මධ්‍යස්ථානවලදී ලබාදිය හැකි උපරිම පහසුකම් ලබාදීමට කටයුතු කරමින් සිටින බවයි.

යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ ඇතැම් පුද්ගලයින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පිළිබද අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් සිටින බවයි. විදෙස් රටවල මෙන් ශී‍්‍ර ලංකාවේද ප‍්‍රදේශ කිහිපයක් වසා දැමීමේ සූදානමක් ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව මෙහිදී අවධාරණය කෙරුණා.

රෝගීන්ගෙන් පිරී යාම හේතුවෙන් අංගොඩ අයි ඞී එච් රෝහලට අලූතින් රෝගීන් ඇතුළත් කිරීමට නොහැකි බවට පළ වන වාර්තාද අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ. කොරෝනා ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයින් වෙනුවෙන් රෝහල් 18 ක් සූදානම් කර ඇති බවත් තහවුරු වන රෝගීන් පමණක් අයි ඞී එච් රෝහලට ඇතුළත් කරන බවත් මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර කොරෝනා ආසාදිත පුද්ගලයින් දෙදෙනා ඇසුරු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ පිළිබඳ යුද හමුදාව හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් මාර්ගයෙන් තොරතුරු ලබා ගැනීමටයි පියවර ගෙන ඇත්තේ. ඔවුන් රැුඳී සිටි හෝටල් ඇතුළු ආයතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය නිරෝධායන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here