ශ්‍රී ලංකාවේ නිපදවූ VEGA සුපිරි මෝටර් රථය ජිනීවාහිදී කරළියට…

0
1097

ශ්‍රී ලංකාවේ නිපදවූ VEGA සුපිරි මෝටර් රථය ජිනීවාහිදී කරළියට…

සියයට සියයක්ම ශ්‍රී ලාංකේය ඉන්ජිනේරුවන් මෙරටදීම නිපදවූ VEGA EVX සුපිරි මෝටර් රථය පසුගියදා ජීනිවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී ලොවට එළිදැක්වුණි.

VEGA EVX රථය දකුණු ආසියාවේම නිර්මාණය වූ විද්‍යුත් බලයෙන් ධාවනය වන පළමු සුපිරි මෝටර් රථයයි.

විද්‍යුත් බලයෙන් ධාවනය වන සුපිරි මෝටර් රථ තාක්ෂණයේ නව පෙරලියක් ඇතිකිරීමේ අරමුණ ඇතිව VEGA නමින් සියයට සියයක්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මෝටර් රථයක් නිපදවීම තරුණ කණ්ඩායමක් විසින් ආරම්භ කර තිබුණේ 2013 වර්ෂයේදීයි.

වේගා නිර්මාණකරුවන්ගේ කණ්ඩායම සමන්විත වී තිබුණේ මෙරට පාසැල් සහ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන්ගෙන් පමණක් වීම විශේෂත්වයක්.

ඔවුන් වසර 06ක කාලයක් මුළුල්ලේ සිදුකළ වෙහෙසකර ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් ලෙස වේගා සුපිරි මෝටර් රථය 2020 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදැක්වීම සඳහා වැඩ අවසන් කෙරුණි.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වෛරසයත් සමඟ මෙවර ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයට ජනතාව සහභාගී වීම වැළැක්වීමට එහි සංවිධායකයින් තීරණය කළ අතර ඒ අනුව ප්‍රදර්ශනයේදී එළි දැක්වීම සඳහා ජීනීවා වෙත රැගෙන ආ මෝටර් රථ සියල්ල ලොවට එළිදක්වනු ලැබුවේ අන්තර්ජාලය හරහායි.

එහිදී VEGA EVX මෝටර් රථයේ තාක්ෂණය පිළිබඳව VEGA INOVATIONS අධ්‍යක්ෂ බේෂාන් කුලපාල විසින් ලොවට පැහැදිළි කළේය.

මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ධාවනය වන VEGA EVX රථයේ මෝටරය මෙන්ම ධාවනයට විද්‍යුත් බලය සපයන බැටරියද මෙරට ඉංජිනේරුවන්ගේ නිෂ්පාදනයක් වීම විශේෂත්වයක්.

මෙම මෝටර් රථයට පැයට කිලෝමීටර් 0 සිට 100 ක වේගයක් ලබාගැනීමට ගතවන්නේ තත්පර 3.1ක තරම් සුළු කාලයක් පමණයි.

මෙම රථයට වඩාත් ආකර්ශනීය පෙනුමක් සපයන ඉදිරිපස විද්‍යුත් ලාම්පු සහ පසුපස විද්‍යුත් ලාම්පුද ශ්‍රී ලංකාවේ වේගා නිෂ්පාදනාගාරයේම නිපදවා ඇති අතර මෝටර් රථයට බරින් අඩු කිරීමේ අරමුණ ඇතිව මෙහි බඳ නිර්මාණය කර ඇත්තේ කාබන් ෆයිබර් අමුද්‍රව්‍ය යොදාගෙනයි.

සුපිරි මෝටර් රථ සඳහා ලොව පවතින ඉල්ලුම අවබෝධ කරගෙන මෙම රථය 2022 දී නිෂ්පාදනය ආරම්භ කිරීමට සැළසුම් කරන බවයි එහි නිර්මාණකරුවන් පවසන්නේ.

එලෙස නිෂ්පාදනය අරඹන VEGA EVX රථයේ බැටරිය සම්පූර්ණයෙන්ම ආරෝපණය කිරීමෙන් පසු කිලෝමීටර් 750ක දුරක් ධාවනය කිරීමට හැකි වන පරිදි සහ පැයට කිලෝමීටර් 380ක උපරීම වේගයක් ලඟාකරගත හැකි පිරිදි නිපදවීමට නියමිතයි.

ඉතා බලසම්පන්න මෙන්ම වේගවත් VEGA EVX රථය නිපදවීම සඳහා ලෝකයේ වෙනත් රටවල ආයෝජකයින් සහ ව්‍යාපාර සබඳතාකරුවන් ගේ සහය වේගා නිශ්පාදකයින් අපේක්ෂා කරන අතර එය දැනටමත් මෝටර් රථ ලෝලීන්ගේ දැඩි ආකර්ශනය දිනාගැනීමට සමත්ව තිබීම සුවිශේෂී කරුණක්.

ඒ අනුව නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවත් ලොව සුපිරි මෝටර් රථ නිපදවන රටවල් අතලොස්ස අතරට එක්වුන නොඅනුමානයි !

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here