”බැඳුම්කර වංචාව”: රවී කරුණානායක ඇතුළු 11ක්‌ අත්අඩංගුවට ගන්න උපදෙස්…

0
1066

”බැඳුම්කර වංචාව”: රවී කරුණානායක ඇතුළු 11ක්‌ අත්අඩංගුවට ගන්න උපදෙස්…

ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා නොපමාව වරෙන්තුවක් ලබා ගැනීමට ක්‍රියා කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට යොමු කරන ලද ලිපියේ දැක්වෙන්නේ 2016.03.29 දින සහ 2016.03.31 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදු වූ බව පැවසෙන අපරාධමය වැරදිවලට අදාළව, පහත නම් සඳහන් සැකකරුවන් සහ ආයතනවලට එරෙහිව ප්‍රමාණවත් කරුණු (reasonable suspicion – සාධාරණ සැකයක්) ඉදිරිපත් වී ඇති බවය.

Sri Lankan Finance Minister Ravi Karunanayake arrives at parliament to present a supplementary budget to parliament, marking the second economic policy statement of the new government which came to power earlier in the month, in Colombo on November 10, 2016.

01. පෙර්පෙචුවල් ට්‍රේෂරිස් ලිමිටඩ්

02. සන්ද්‍රේෂ් රවීන්ද්‍ර කරුණානායක (රවී කරුණානායක)

03. ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන්

04. අර්ජුන් ජෝශෆ් ඇලෝෂියස්

05. පලිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පලිසේන

06. ජෙෆ්රි ජෝෂෆ් ඇලෝෂියස්

07. චිත්ත රංජන් හුළුගල්ල

08. මුත්තුරජා සුරේන්ද්‍රන්

09. අජාන් ගාර්දියේ පුංචිහේවා

10. තුයිය හැන්නදිගේ බුද්ධික සරත්චන්ද්‍ර

11. සංගරපිල්ලේ පදුමනාපන්

12. බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර

සැකකරුවන්ට එරෙහිව කටයුතු කළ යුතු නීතිමය තත්ත්වයන්, අණපනත් සහ වගන්ති පිළිබඳව ද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ ලිපියේ පිටපත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙතද යොමු කර ඇත.

මේ පිළිබඳ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ B 8266/2018 අංකය යටතේ මේ වන විට නඩු කටයුත්තක් ද පවතී.

කෙසේ නමුත් හිටපු අමාත්‍ය රවී කරුණානායක අදාළ චෝදනා ප්‍රතික්ෂේප කරයි.

Sri Lanka Central Bank

මහින්ද රාජපක්ෂ පාලනය සමයේ සිදු වූ බව කියන වංචා සහ දූෂණවලට අදාළව නීතිමය පියවර ගන්නා බව පවසමින් බලයට පත් මෛත්‍රිපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පැවති ආණ්ඩුවේ පිරිහීමට ඉහත කී මහා බැංකු ගනුදෙනුව විශාල වශයෙන් හේතු විය.

ඒ සම්බන්ධයෙන් එල්ල වූ මහජන පීඩනය හමුවේ පත් කෙරුණු බැඳුම්කර කොමිසම ඉදිරියේ හෙළිදරව් වූ කරුණු මුල් කර ගනිමින් රවී කරුණානායක 2017 වසරේ අගෝස්තු මස සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය. ඒ මුදල් අමාත්‍ය ධුරය දැරීමෙන් පසු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය හොබවමින් සිටියදීය.

සියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබා ගත් නිවසක යැයි තමන් නොදැන සිටි බව භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේදී ඔහු පවසා තිබිණි.

මේ අතර කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කමිටු‍‍වේ උපදෙස් පරිදි 2015 පෙර පටන් සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර නිකුතුවවලට අදාළ විගණන වාර්තාවක් සම්පාදනය කර ඇත.

2015 මෛත්‍රිපාල – රනිල් ආණ්ඩුව සමයේ මෙන්ම ඊට පෙර පැවති මහින්ද රාජපක්ෂ පාලනය යටතේ ද මහ බැංකු බැඳුම්කරවලට අදාළව වංචා සිදුව ඇතැයි එකී විගණන වාර්තාවෙන් පෙනී යන බව කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසයි

වෝහාරික විගණන වාර්තාව පදනම් කරගනිමින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පසුගියදා ලිපියක් ද ගොනු කර තිබිණි.

නමුත් එකී චෝදනා ප්‍රතික්ෂේප කරන මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පවසන්නේ එකී විගණන වාර්තාව පිළිගත නොහැකි බවය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here