2020 නව වසර උදා වෙයි…

0
990

2020 නව වසර උදා වෙයි…

උදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.aඋදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ලෝකයේ පළමුවෙන් නව වසර උදාවුණේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ට වන අතර අනතුරුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට නව වසර උදාවිය.

එහෙත් අමෙරිකාව ඇතුලු තවත් රටවල් රැසකට නව වසර උදාවීමට තවත් හෝරා කිහිපයක් ගත වනු ඇති.

2010 වසරෙන් ආරම්භ වූ දශකය නිමාවට පත්විම ඊයේ(31) දිනයේ සිදු වු අතර  නව දශකයක ආරම්භය 2020 උදාවීමත් සමඟ සිදුවිය.

නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමි වී තිබුණි.

මෙරට ජනතාව ද නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ රාත්‍රීය පුරා විවිධ උත්සව සංවිධාන කර තිබුණි.

නව වසර උදාවුයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාගයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරිමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

නව වසර උදාවත් සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාගයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇති බවට තමාට දැඩිව විශ්වාස බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම ලැබූවා වූ නව වසර සමස්ත ජනතාවටත් දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උදාවන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

ජාති ආගම් බේදයකින් තොරව සියලු ජනතාව සමඟින් සාමයෙන් ජිවිත් වීමට නව වසර තුළ දැඩිව අධිෂ්ඨාන කර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය  වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සඳහන් කළේය.

මේ අතර මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ 2020 නව වසර එකමුතුව සැමරීමට සියලු ශ්‍රී ලාංකික ජනතාව කටයුතු කළ යුතු බවයි.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here