14.3 C
New York
Tuesday, April 16, 2024
spot_imgspot_imgspot_imgspot_img
Home Sri Lanka News හිටපු ඇමති රාජිතට ඇප මත මුදා හරී…

හිටපු ඇමති රාජිතට ඇප මත මුදා හරී…

0
881

හිටපු ඇමති රාජිතට ඇප මත මුදා හරී…

සුදුවෑන් මඟින් පුද්ගල පැහැරගැනීම් සිදුකළ බවට ප්‍රකාශ කරමින් පැවත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අත්අඩංගුවට ගැනුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හැරීමට අද(30) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කළේය.

ඒ අනුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර සිටියේ, ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙන ලෙසයි.

එමෙන්ම ඔහුගේ විදෙස් ගමන් ද අත්හිට වූ අධිකරණය ගුවන් ගමන් බලපත්‍රය අධිකරණයට භාර දෙන ලෙසද නියෝග කළේය.

තවද රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටවීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදෙන ලෙසද රාජිත සේනාරත්න මහතාට නියෝග කළ බව අප වාර්තාකරු සඳහන් කළේය.

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Skip to toolbar