දේශපාලන පළිගැනීම්වලට බය නෑ – පාඨලී

0
1069

දේශපාලන පළිගැනීම්වලට බය නෑ – පාඨලී

වත්මන් ආණ්ඩුව ලබාගත් ජනවරම පසෙකලා මර්ධනය දොරකොඩට ගෙන එන බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටින බවත් දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය නොමැති බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පිකර රණවක මහතා පැවැසීය.

අද පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ ආණ්ඩුවට අභියෝගයක් වියහැකි දේශපාලන නායකයින් දඩයම් කිරීම අරම්භ කර ඇති බවයි.

“ඔබ සියලු දෙනාම ඉතා හොඳින් දන්නවා, ඊයේ(13) දින මාධ්‍ය වාර්තා කළා මට සහ මාගේ රියදුරාට විදෙස් ගමන් තහනමක් පනවන්න අධිකරණය අවසර ලබාදීල තියෙනව කියල. මීට අදාල සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රියේ 9.45 ත් 10.00 ත් අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීමක්. මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් කරල නඩු අංක 791/ 7 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීමක් රාජගිරිය පොලීසිය විසින් සිදුකළා. එහිදී පැමිණිල්ල සනාථ කිරීම සඳහා රාජගිරිය පොලීසියේ නිලධාරීන් ඉදිරිපත් කලා ඊට අදාල වාර්තා.

මෙම සිදුවීම් ඒ කාලෙ එක්තරා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලඥයෙක් මේ වටා විශාල කතාවක් ගෙතුව. ඒක තමයි මගේ නිල රථය විසින් ඒ කාලෙ තරුණයෙක් යටකොට පළා ගියා කියල. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සියලු දෙනාමත් දන්නව. ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්ථාවකුත් ගත්ත. ඉන් ඉතාම පැහැදිලි වුණා රථයේ පිටුපස වදින්නෙ.

තුන්වන මංතීරුව පසුකරගෙන සරණ මාවතට හරවල යනකොට වාහනේ පිටුපස්සෙ ඇවිල්ල තමයි මේ අධිවේගී යතුරු පැදිය (1000 cc ට වැඩි)  හැප්පෙන්නෙ. ඒ නිසා කිසියම් ආකාරයකට චේතාන්විතව මෙම වාහනයෙන් යතුරුපැදිකරුවෙක් යටකොට පලාගියේ නැති බව පැහැදිළියි. ඒ බව රස පරීක්ෂක වාර්තාවෙ ඉතාමත්ම පැහැදිළිව සඳහන් වෙනව. මේ සම්බන්ධයෙන් එදින රාත්‍රී 12.30 ට පමණ රාජගිරිය පොලීසියට මොහොමඩ් උවයිස් සිද්ධික් සහ ගයාශාන් විදුර පැහැදිළිව සාක්ෂි සටහන් දීල තියෙනව. හැබැයි දවස් 06 කට පස්සෙ  මේ සියලු කතා වෙනස් කරල දිව්රුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් වෙනව. එහිදී ඔවුන් කියනව මේ රථය පැදෙව්වෙ රියදුරා නෙමෙයි පාඨලී චම්පික රණවක වන මමයි කියල.

ඒ අනුව විනිශ්චයකාරවරයා නඩුවාර ගණනාවක් කැඳවා විවිධාකාරයේ නියෝග ලබාදුන්නා.  වත්මන් ආණ්ඩුව බලයට ආවෙ, පාස්කු ඉරිදා ප්‍රහාරකයින්ට, මහ බැංකු බැඳුම්කර වංචාකරුවන්ට දඬුවම් දෙනව කියල. එහෙම ඇවිත් අවුරුදු 04 කට කලින් සිදුවෙච්ච රිය අනතුරක් පස්සෙ හඹා යාමෙන් සහ ඒ හරහා තමන්ට අභියෝගයක් වෙන්න පුලුවන් දේශපාලන නායකයින් දඩයම් කිරීම තමයි ඔවුන්ගේ අදහස, අභිලාෂය හා දුෂ්ඨ අරමුණ. ඒ නිසා අපි ඉදිරි කාලයේදී අධිකරණයට මේ පිළිබඳව අපගේ කරුණු දැක්වීමක් කරනව. ඒ වගේම මේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් ස්වාදීනව මේ කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනව. ඒ සම්බන්ධයෙන් අපි පොලිස් කොමිෂන් සභාවටත් කරුණු දක්වන්න බලාපොරොත්තු වෙනව. මොකද නිදහස් ආකාරයට අපිමයි මේව සටන් කරල ලබාගත්තෙ.

අද වෙනකොට වැඩකරන ජනතාවට අතිකාල දීමනා ගෙවාගන්න බැරි තත්ත්වයට, ජීවන වියදම අහස උසට ගොස් තිබෙන, මර්ධනය දොරකොඩටම ගමන් කරමින් තිබෙන බැරැක්ක රටක් බවට මේ රට පරිවර්ථනය වෙමින් තිබෙන අවස්ථාවක ඊට එරෙහිව නැගී සිටින්නට තිබෙන බලවේග මර්ධනය කිරීමට, බිය කිරීමට උත්සහ කරනවනම් ඒක මුලාවක්.

අපි බොහොම පැහැදිළිව කියනව, මේ දේශපාලන පළිගැනීම්වලට කිසිම ආකාරයකට බිය වෙන්නෙ, පැකිලෙන්නෙ නෑ. ඒ වගේම අධිකරණය තුළ තියෙන ප්‍රශ්න සඳහා අපි අධිකරණයේදී මුහුණ දෙනවා. දේශපාලන ප්‍රශ්න සඳහා අපි දේශපාලනමය වශයෙන් මුහුණ දෙනවා. සමාජමය වශයෙන් අපි ඊට මුහුණ දෙනවා. මේ සිදුවීම්වලින් අපි වඩාත් නිර්භය වෙලා, වඩාත් එඩිතර වෙලා, සමඟිසම්පන්න වෙලා අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ මේ රටේ පොදු ජනතාවගේ නිදහසත් ප්‍රජාතන්ත්‍රවාදයත් වෙනුවෙන් පෙනි ඉන්නවා”

What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here