ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය භාවිතය: මේ කරුණු දැන සිටියාද?

0
1277

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය භාවිතය: මේ කරුණු දැන සිටියාද?

බලය මාරුවීමත් සමග අමාත්‍යංශ ලේකම් ධුර, සංස්ථා සභාපති ධුර ඇතුළු දේශපාලන පත්වීම්වල සිදුවන වෙනස්කම් ශ්‍රී ලාංකිකයන්ට අලුත් අත්දැකීමක් නොවේ.

රජයේ ආයතනවල එල්ලා තිබූ එතෙක් බලයේ සිටි ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ඡායාරූප ගලවා ඉවත් කර අදාළ ධුර සඳහා පත් පුද්ගලන්ගේ ඡායාරූපය ආදේශ වන්නේ ද ඊට සමගාමීවය.

නමුත් මෙවර ජනාධිපතිවරණයත් සමග එකී සම්ප්‍රදායට තිත තැබුණේ ජනාධිපති සහ අගමැති රුව වෙනුවට රජයේ සියලුම කාර්යාලවල රාජ්‍ය ලාංඡනය ප්‍රදර්ශනය කළ යුතු බවට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීන්දුවක් ගනු ලැබූ බව ප්‍රකට වීමත් සමගය.

එම පියවර පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇතැම් පුද්ගලයන්ගේ ඇගයීමට ලක් වන ආකාරය සමාජ ජාල ඔස්සේ දැක ගන්නට ලැබිණි.

මේ අතර මාර්ග නාම පුවරු සඳහා දේශපාලනඥයන්ගේ රුව යොදා නොගන්නා ලෙස ද නව ජනාධිපතිවරයා නියෝග කළ බව පැතිරෙන්නට විය.

දේශපාලනඥයන්ගේ රුව සහිත නාම පුවරු ගලවා දමා මාර්ගයේ නම සමග රාජ්‍ය ලාංඡනය ද ඇතුළත්ව නාම පුවරු ස්ථාපනය කිරීමට ඇතැම් පුද්ගලයන් කටයුතු කළ අතර ඒ පිළිබඳ සමාජ ජාල ඔස්සේ සංවාදයක් ඇති විය.

රාජ්‍ය ලාංඡනය පමණක් රජයේ කාර්යාලවල ප්‍රදර්ශනය කිරීම සහ මාර්ග නාම පුවරුවල මාර්ගයේ නම පමණක් සඳහන් කළ යුතු බවට නව ජනාධිපතිවරයා දුන් නියෝග දෙක එකිනෙක “පටලවා ගෙන ඇති බව” සඳහන් කරමින් බොහෝ දෙනෙකු අදහස් පළ කර තිබිණි.

රාජ්‍ය ලාංඡනය මාර්ග නාම පුවරුවකට යොදා ගැනීම සුදුසු නොවන බවට ද අදහස් පළ වේ.

මාර්ග නාම පුවරු රටේ සියලුම පුරවැසියන්ට කියවිය හැකි වන අයුරින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ස්ථාපනය කළ යුතු බව තවත් අදහසකි.

සමාජ ජාල

දේශපාලනඥයන්ගේ රුව ඉවත් කර මාර්ගයේ නම පමණක් යෙදීම වෙනුවට එම මාර්ග ඉදි කිරීමට හෝ පිළිසකර කිරීම සඳහා වෙන් කළ ප්‍රතිපාදන ප්‍රදර්ශනය කිරීම තවදුරටත් එලෙසම පැවතිය යුතු බව ට ද අදහස් ඉදිරිපත් වේ. වැය කළ මුදල පිළිබඳ සඳහනක් නොමැතිව මාර්ගයේ නම පමණක් යෙදීම “සොරා කෑමට” අවස්ථාවක් වනු ඇති බවට ඇතැමෙක් තර්ක කරති.

රාජ්‍ය ලාංනය: නිර්ණායක තිබේද?

ශ්‍රී ලංකාවේ ජාතික ධජය, ජාතික ගීය සම්බන්ධයෙන් වන නිර්ණායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇතත් රාජ්‍ය ලාංඡනය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් එහි නිශ්චිත සඳහනක් නොමැත.

ඒ පිළිබඳ බීබීසී සිංහල සේවය කළ සොයා බැලීමකදී නීතිවේදීන් කිහිප දෙනෙකුගේම අදහස වූයේ ඒ සම්බන්ධයෙන් නිශ්චිත මාර්ගෝපදේශයක් හෝ චක්‍රලේඛයක් නොමැති බවය. එබැවින් රජයේ නොවන සංවිධාන සහ විවිධ ආයතන රාජ්‍ය ලාංඡනය අවභාවිත කරන අවස්ථා දැකිය හැකි බව ඉන් ඇතැමෙකුගේ අදහස විය.

  • “උඩ දෙමළ, යට සිංහල” සමාජ ජාල ඔස්සේ සංවාදයක්

රාජ්‍ය ලාංඡනය භාවිත කළ යුතු ස්ථාන, කළ යුතු ආකාරය පිළිබඳ විධිමත් නීති රාමුවක් හඳුන්වා දිය යුතු බව ඒ පිළිබඳ අදහස් දක්වමින් නීතිඥ ජගත් ලියනාරච්චි බීබීසී සිංහල සේවයට පැවසීය.

“මේ මේ තැන්වල රාජ්‍ය ලාංඡනය පාවිච්චි කිරීම සුදුසුයි, මේ මේ තැන්වල නුසුදුසුයි කියන එක ගැන පැහැදිලි නීතිමය තත්ත්වයක් නැහැ. ඒක අඩුපාඩුවක් වශයෙන් මා දකිනවා”

“ලංකාවේ අපි දකිනවා රජයේ පමණක් නොවෙයි රජයේ නොවන අයත් රාජ්‍ය ලාංඡනය භාවිත කරන අවස්ථා තිබෙනවා. මගේ අදහස නම් මේ සඳහා විධිමත් නීති රාමුවක් හෝ චක්‍රලේඛන හෝ රෙගුලාසි මගින් නීතිමය තත්ත්වයක් ඇති කළ යුතුයි” යනුවෙන් ඔහු කියා සිටියේය.

රාජ්‍ය ලාංනයේ ඉතිහාසය

sri lanka government emblem

BBC
ශ්‍රී ලංකා රාජ්‍ය ලාංඡනය

  • 1972ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හඳුන්වා දුනි. චිත්‍ර ශිල්පී
  • එස්.එම් සෙනවිරත්නරාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේය.
  • මාපලගම විපුලසාර හිමිවර්ණ යෙදීමේදී උපදෙස් ලබා දුනි.

මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය

  • 1972 මැයි 22 වෙනි දින ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීම සමරනු වස් රාජ්‍ය ලාංඡනය නිර්මාණය විය.
  • රාජ්‍ය ලාංඡනය සැකසීමේ කමිටුවේ සාමාජිකයන්: නිශ්ශංක විජයරත්න, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය සෙනරත් පරණවිතාන, එච්.ආර්.ප්‍රේමරත්න, රෝලන්ඩ් සිල්වා, ආචාර්ය මැකී රත්වත්තේ සහ මහගම සේකර
  • එවක සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන් ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්නගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්.එම් සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය නිර්මාණය කරනු ලැබීය. රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේ ද උපදෙස් ලැබිණි.
  • රාජ්‍ය ලාංඡනයේ හිමිකාරීත්වය සහ භාවිත කිරීමේ අයිතිය හිමිවන්නේ ජනාධිපතිවරයාටය. (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය)

රාජ්‍ය ලාංනයේ සංකේත සහ අර්ථ

රාජ්‍ය ලාංජනය
  • ඉර සහ හඳ: චීර ජීවනය, සමෘධිමත් සහ ස්වයං පෝෂිත රටක්, ඉරහඳ පවතිනතාක් ධර්මයේ සහ ජාතීන්ගේ ආරක්ෂාව
  • සමන් වැල: නිර්මලත්වය
  • වී කරල් සහ පුන්කලස: සශ්‍රීකත්වය හා සෞභාග්‍ය
  • ධර්ම චක්‍රය: බහුතරයේ ආගම වූ බුද්ධාගමත් ධර්මිකභාවය, සාධාරණත්වය සහ හික්මීම
  • මායිම් රේඛාව: ඒකීය රාජ්‍යයක් යටතේ පවතින බව (මූලාශ්‍ර: අධ්‍යාපන අමාත්‍යංශය)
What’s your Reaction?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here