HomeSri Lanka Newsහෙට හර්තාලය ගැන ජනතාවට වෘත්තීය සමිති වෙතින් දැනුම්දීමක්...

හෙට හර්තාලය ගැන ජනතාවට වෘත්තීය සමිති වෙතින් දැනුම්දීමක්…

-

හෙට හර්තාලය ගැන ජනතාවට වෘත්තීය සමිති වෙතින් දැනුම්දීමක්…

ජනමතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළ කර හෙට (06) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සහ හර්තාල් ව්‍යාපාරයක් පවත්වා රටම අකර්මණ්‍ය කරන බව වෘත්තීය සංගම් පවසයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ප්‍රගතිශීලි වෘත්තීය සමිති සහ තවත් වෘත්තීය සංගම් කිහිපයක් එම හර්තාල් ව්‍යාපාරයට සහාය නොදක්වන බව සඳහන් කළේය.

ජනමතයට ගරු කරමින් ආණ්ඩුව ඉවත් නොවීමට විරෝධය පළ කරමින් වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන එකතුව පසුගිය 28 වැනිදා එක්දින වැඩවර්ජනයක නිරත වුණි.

ඔවුන් හෙට දිනයේත් දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් පැවැත් වීමට කටයුතු කරන බව නිවේදනය කරයි.

හෙට දිනයේ පැවැත්වීමට නියමිත හාර්තාල් ව්‍යාපාරය සඳහා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ද සහාය හිමිවන බව එම සංගමය පවසයි.

එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඒ බව සඳහන් කළේය.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ, කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසා සිටියේ, “වැඩකරන පන්තිය විදියට අපි කියන්නේ, මේ රජය වහාම ඉවත්විය යුතුයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට අපි ආරම්භ කරනවා නැවත එක්දින වැඩවර්ජනයක්.” යනුවෙනි.

මේ අතර, හෙට දිනයේ පැවැත්වෙන හර්තාල් ව්‍යාපාරයට සිය සංගමය සහය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

වර්තමාන දූෂිත දේශපාලන ක්‍රමය අවසන් කර ස්ථිරසාර විසඳුමක් ස්ථාපනය කිරීම සඳහා සිදුකරන ඕනෑම සමකාමී වැඩපිළිවෙලක් ජයග්‍රහණය කිරීම සඳහා සහය දක්වන බව එම සංගමය සඳහන් කළේය.

ඒ අනුව හෙට දිනයේ සැලසුම් කර ඇති හර්තාල් ව්‍යාපාරය සඳහා පීඩාවට පත් ජනතාව තවදුරටත් අපහසුතාවට පත් නොකර සමකාමී ලෙස සහය දැක්වීමට තීරණය කර තිබේ.

රජය සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ මෙම දූෂිත සහ මර්දනකාරී දේශපාලන ක්‍රමය අවසන් කර ජනමතයට හිස නමා රට ස්ථාවර කිරීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කළේය.

සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනයේ, සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සමස්තය මෙම වැඩවර්ජනයට දායක වන බවය.

එසේම ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ ගුරුවරු, විදුහල්පතිවරු සහ ගුරු උපදේශකවරු වැඩවර්ජනය කරමින් හෙට පැවැත්වෙන හර්තාලයට සහාය පළකරන බවය.

මේ අතර සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පැවසුවේ රටපුරා පවතින ධීවර සමිති සියල්ලේ සහය හෙට පැවැත්වීමට නියමිත හර්තාලයට සහාය ලබාදෙන බවය.

මෙම අරගලය සමඟ ගොවිජනතාවද බද්ධ වන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

කෙසේ වෙතත් හෙට දිනයේ පැවැත්වෙන වැඩවර්ජනයට සහාය නොදෙන බව ඇතැම් වෘත්තිය සමිති පැවසීය.

ඒ අනුව විදුලිබල මණ්ඩලයේ පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමය, පොදුජන ප්‍රගතශීලි සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාව, තම වෘත්තීය සමිති හෙට පැවැත්වෙන වැඩ වර්ජනයට සහාය නොදෙන බව පැවසීය.

වර්ජනය තුළින් රට තවදුරටත් අකර්මන්‍ය වීමක් සිදුවන බැවින් සිය වෘත්තීය සමිතිය සහභාගී නොවන බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය.

කෙසේ වෙතත් දුම්රිය වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙන්නේ හර්තාල්  ව්‍යාපාරයට සමගාමීව කිසිදු දුම්රියක් ධාවනය නොවන බවය.

ඒ අතර දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ හෙට සිදු කිරීමට නියමිත හර්තාල් ව්‍යාපාරයට සමගාමීය වැඩවර්ජනයක නිරත වන බවට කිසිදු දුම්රිය වෘත්තීය සංගමයක් ලිඛිතව හෝ වාචිකව ප්‍රකාශ කර නොමැති බැවින් හෙට දින සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය වනු ඇති බවය.

මේ අතර හෙට දින සිදුකෙරෙන හර්තාල් ව්‍යාපාරයත් සමඟ රට තුළ ඇති විය හැකි වාතාවරණය සලකා දරුවන්ගේ ආරක්ෂාව මත හෙට දිනයේ පාසල් ළමුන් ප්‍රවාහනයෙන් ඉවත් වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
76 %
4.3kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °
Exit mobile version