HomeSri Lanka Newsසිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අද

සිරි දළදා වන්දනාවේ සිව්වන දිනය අද

-

“සිරි දළදා වන්දනාව” අද සිව්වැනි දිනටත් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද දහවල් 12.00 ට සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ වැඳ පුදා ගැනීමේ හැකියාව තිබේ.

ලබන 27 වනදා දක්වා දින 10ක් පුරා දළදා වන්දනාව පැවැත්වෙන අතර සුදු වතින් සැරසී පැමිණෙන ලෙසයි මහා නායක ස්වාමීන් වහන්සේ ජනතාවට දැනුම් දෙන්නේ.

සිරි දළදා වන්දනාව ආරම්භ කළ පළමු දින තුනේදී දළදා වහන්සේ දැක වැඳපුදා ගැනීමට ලක්ෂ තුනකට ආසන්න සැදැහැවතුන් පිරිසක් එක්ව ඇතැයි මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහගේ මහතා පවසයි.

සිරි දළදා වන්දනාවට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග තුනක ජනතාව තවදුරටත් පෝලිම්වල රැදී සිටි.

ඩී.එස්. සේනානායක වීදිය දෙස සිට ශ්‍රී දළදා මාලිගාවේ පිවිසුම තෙක්, රතු බෝක්කුව දෙස සිට සංඝරාජ මාවත හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් සහ රතු බෝක්කුව දෙස සිට මාලිගාව පෙදෙස හරහා මාලිගාවේ ප්‍රධාන පිවිසුම තෙක් වශයෙන් ප්‍රවේශ මාර්ග ඔස්සේ මාලිගාවට ඇතුළු වීමේ හැකියාව පවති.

සැදැහැවතුන් වෙනුවෙන් ලබාදී තිබූ, ආහාර, සෞඛ්‍ය, සනීපාරක්ෂක ඇතුළු සියලු පහසුකම් තවදුරටත් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

නගරයේ පවිත්‍රතාව සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කරන ලෙසයි මහා සංඝරත්නය ජනතාවට දැනුම් දෙන්නේ.

මේ අතර සිරි දළදා වන්දනාව සඳහා පැමිණෙන සැඳැහැවතුන්ගේ ගමන් පහසුව සඳහා අද දිනයේ ද විශේෂ දුම්රිය සහ බස් රථ සේවා ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
73 %
4kmh
37 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °
Exit mobile version