HomeSri Lanka Newsසා.පෙළ විභාගය සමග විදුලි කැපිල්ල වෙනස් වෙන හැටි...

සා.පෙළ විභාගය සමග විදුලි කැපිල්ල වෙනස් වෙන හැටි…

-

සා.පෙළ විභාගය සමග විදුලි කැපිල්ල වෙනස් වෙන හැටි…

හෙට (23) සිට ජූනි මස 1 වනදා දක්වා අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන් හි විභාග කාලය තුළ දී විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

අද (22) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ, විභාගය පැවැත්වෙන දිනවල සවස 6.30න් පසුව ද විදුලි කප්පාදුවක් සිදුනොකරන බවය.

මේ අතර අද සහ 29 වන ඉරිදා දිනයේ දී ද විදුලි කප්පාදුවක් සිදුනොකරන බව ජනක රත්නායක මහතා කියා සිටියේය.

එම කාලයේ දී අවශ්‍ය විදුලිය උත්පාදනය සඳහා අවශ්‍ය ජලය, ජල කළමනාකරණ ලේකම් කාර්යාලය මඟින් ලබාදී ඇතැයි ද ඒ මහතා පැවසීය.

මේ අතර අද දිනයේ දී නොරොච්චෝලේ විදුලි බලාගාරය ජාතික පද්ධතියට නැවත එක්ව ඇතැයි ද ජනක රත්නායක මහතා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව එම විදුලි බලාගාරයෙන් ලැබෙන මෙගාවොට් 260ක ප්‍රමාණය හෙට රාත්‍රියේ සිට ජාතික පද්ධතියට එක්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

378FansLike
29FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
78 %
3.1kmh
98 %
Sat
30 °
Sun
28 °
Mon
28 °
Tue
28 °
Wed
27 °
Exit mobile version