HomeSri Lanka Newsශ්‍රී ලංකාව ගැන මිෂෙල් බැෂෙලේ ගෙන් නිවේදනයක්...

ශ්‍රී ලංකාව ගැන මිෂෙල් බැෂෙලේ ගෙන් නිවේදනයක්…

-

ශ්‍රී ලංකාව ගැන මිෂෙල් බැෂෙලේ ගෙන් නිවේදනයක්…

ශ්‍රී ලංකාව තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහිදී ඇය පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ උග්‍රවන ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළාදකින බවත් ඇතිවී තිබෙන නොසන්සුන්තාවය පාලනය කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.

“මැයි 9 වනදා කොළඹදී සාමකාමී විරෝධතාකරුවන්ට අග්‍රාමාත්‍යවරයාගේ ආධාරකරුවන් පහරදීමෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම සහ පසුව ආණ්ඩු පක්ෂයේ සාමාජිකයින්ට එරෙහිව ඇතිවූ මැර ප්‍රචණ්ඩත්වය පිළිබඳව මම දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටිමි.” යනුවෙන් ද මිෂෙල් බැෂෙලේ මහත්මිය පවසා සිටින්නීය.

ඒ අනුව මිෂෙල් බැෂෙලේ මහත්මිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“සියලු ආකාරයේ ප්‍රචණ්ඩකාරී ක්‍රියා අප හෙළාදකින අතර සියලුම පහරදීම් පිළිබඳ පුළුල් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් ආරම්හ කරන ලෙස මම බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමි,” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28.4 ° C
28.4 °
28.4 °
75 %
1.8kmh
51 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
29 °
Sat
29 °
Exit mobile version