HomeWorldවිදුලි බලයෙන් ක්‍රියාත්මකවන වාහනවලට 'කිලෝමීටර මිලියන දෙකක්' ධාවනය කළ හැකි බැටරියක්...

විදුලි බලයෙන් ක්‍රියාත්මකවන වාහනවලට ‘කිලෝමීටර මිලියන දෙකක්’ ධාවනය කළ හැකි බැටරියක්…

-

විදුලි බලයෙන් ක්‍රියාත්මකවන වාහනවලට 'කිලෝමීටර මිලියන දෙකක්' ධාවනය කළ හැකි බැටරියක්...
මෝටර් රථයක් කිලෝමීටර මිලියන දෙකක් දුර ධාවනය කළ හැකි, වසර 16ක ජීව කාලය සහිත බැටරියක් නිෂ්පාදනය කිරීම සඳහා තමන් සූදානම් බව චීනයේ බැටරි නිෂ්පාදන සමාගමක් පවසයි.

විදුලි බලයෙන් ධාවනය කෙරෙන වාහන සඳහා සාමාන්‍යයෙන් දැනට පවතින බැටරි වෙනුවෙන් නිෂ්පාදකයින්ගේ වගකීම පවතින්නේ වසර 3 සිට 8 දක්වා, සැතපුම් 60,000ත් 150,000ත් අතර දුර ප්‍රමාණයක් ධාවනය කරවීම සඳහා පමණි.

Contemporary Amperex Technology නැමැති සමාගම විසින් නිපදවනු ලබන මෙම නවතම බැටරිය කුමන මෝටර් රථ සමාගමකට සපයනු ලබන්නේ දැයි තවමත් හෙළිදරව් කර නොමැත.

නමුත් මීට කලින් වාර්තා වී තිබුණේ මෙම බැටරිය tesla මෝටර් රථ සමාගම සමග එක්වී සංවර්ධනය කරමින් සිටි බවය.

සිය නවතම බැටරිය පිළිබඳව හෙළිදරව් කළේ ඉහත කී සමාගමේ සභාපතිවරයා bloomberg පුවත් සේවය සමග සාකච්ඡාවක් පවත්වන අතරතුරය.

“යම් කෙනෙක් ඇණවුම් කරන්නේ නම් අප නිෂ්පාදනය කිරීම සඳහා සූදානම්” CAT සමාගමේ සභාපති Zeng Yuqun පැවසූ බව බ්ලූම්බර්ග් පුවත් සේවය පවසයි.

Tesla මෝටර් රථ සමාගම සඳහා බැටරි සම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් පසුගිය පෙබරවාරියේ දී මෙම සමාගම විසින් අත්සන් තබන ලදී.

මෙම බැටරි සමාගම විසින් BMW, Daimler, Honda, Toyota, Volkswagen සහ Volvo යන මෝටර් රථ සමාගම්වලට ද බැටරි සපයනු ලැබේ.

විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා මේ වන විට ඉල්ලුම වැඩිවෙමින් පවතී.

Canalys සමීක්ෂණ ආයතනය පවසන පරිදි ගිය වසරේ පළමු තුන් මාසය හා සසඳන කල මේ වසරේ පළමු තුන් මාසය තුළ දී විදුලි බලයෙන් ධාවනය වන වාහන සඳහා පවතින ඉල්ලුම 72% කින් ඉහළ ගොස් තිබේ.

කෙසේ නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් එම කාර්තුව තුළදී වෙළෙඳපොළට නිකුත් කෙරුණු වාහන ප්‍රමාණය සමස්තයක් වශයෙන් 26% කින් අඩුවී ඇත.

Canalys ආයතනය තවදුරටත් පවසන්නේ, Contemporary Amperex Technology විසින් නිෂ්පාදනය කරනු ලබන නවතම බැටරිය සුවිශේෂී වන නමුත් තවමත් එය තහවුරු කර ගැනීමට ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
29 ° C
29 °
29 °
81 %
4.6kmh
42 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
28 °
Wed
29 °
Exit mobile version