යුක්රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමට රුසියාව දරන උත්සාහය හෙළා දැකීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යෝජනා කර තිබුණි.
ඒ සඳහා සාමාජිකයක රටවල් අතර ඡන්දයක් පැවැත්වීමට කටයුතු කෙරිණි.
එම යෝජනාවට රටවල් 143ක සහාය හිමි වූ අතර, ශ්රී ලංකාව, චීනය, පාකිස්තානය සහ ඉන්දියාව ඇතුළු රටවල් 35ක් ඊට ඡන්දය දීමෙන් වැළකී සිටියේය.