HomeSri Lanka Newsරාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දෙයි

-

අද දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් අතරට අලූත් මුහුණු 15 ක් එක්ව තිබෙනවා.

ඉන් 13 දෙනෙකුම රාජ්‍ය අමාත්‍යවරුන් වීම විශේෂත්වයක්. මොහාන් ප‍්‍රියදර්ශන ද සිල්වා, විජිත බේරුගොඩ, රොෂාන් රණසිංහ, ජානක වක්කුඹුර, විදුර වික‍්‍රමනායක සහ ෂෙහාන් සේමසිංහ ද එම පිරිසට අයත්. ඊට අමතරව කනක හේරත්, දිලූම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, විමලවිර දිසානායක, ජයන්ත සමරවීර, සනත් නිශාන්ත සහ තාරක බාලසූරිය ද අද පලමුවරට රාජ්‍ය අමාත්‍ය ධුරයකින් පිදුම් ලැබුවා.

පළමුවරට නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් දෙදෙනා වන්නේ කාංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ධයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්තී‍්‍රවරුන් 08 දෙනෙකුට ද අද දිනයේ රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනැමුණා.

එස් බී දිසානායක, ජෝන් සෙනෙවිරත්න, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න සහ තිලංග සුමතිපාල එම පිරිසයි.

නව ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම මේ වන විට සිදු වනවා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.  එසේ අද දිනයේ දිවුරුම් දෙන ලද ඇමතිවරුන් මෙසේය.

රාජ්‍ය ඇමතිවරුන්

  1. චමල් රාජපක්ෂ – ආරක්‍ෂක
  2. වාසුදේ්ව නානායක්කාර – ජල සම්පාදන පහසුකම්
  3. ගාමිණි ලොකුගේ – නාගරික සංවර්ධන
  4. මහින්ද යාපා අබේවර්ධන – වාරිමාර්ග හා ග‍්‍රාමීය
  5. එස්.බී. දිසානායක – ඉඩම් හා ඉඩම් සංවර්ධන
  6. ජෝන් සෙනෙවිරත්න – ආර්ථික හා ප‍්‍රතිපත්ති සම්පාදක
  7. මහින්ද සමරසිංහ – රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු
  8. සී.බී. රත්නායක – දුම්රිය සේවා
  9. ලක්‍ෂමන් යාපා අබේවර්ධන – තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ
  10. සුසන්ත පුංචිනිලමේ – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන
  11. අනුර ප‍්‍රියදර්ශණ යාපා – අභ්‍යන්තර වෙලද හා පාරිභෝගික සුබසාදන
  12. සුසිල් පේ‍්‍රමජයන්ත් – ජාත්‍යන්තර සහයෝගිතා
  13. ප‍්‍රියංකර ජයරත්න – දේශීය වෛද්‍ය සේවා
  14. රන්ජිත් සියඹලාපිටිය – අධ්‍යාපන සේවා
  15. මහින්දානන්ද අලුත්ගමගේ – විදුලිබල
  16. දුමින්ද දිසානායක – තරුණ කටයුතු
  17. රෝහිත අබේගුණවර්ධන – බලශක්ති
  18. දයාසිරි ජයසේකර – කර්මාන්ත
  19. ලසන්ත අලගියවන්න – රාජ්‍ය කලමණාකරන හා ගිණුම් කටයුතු
  20. කෙහෙලිය රඹුක්වැල්ල – ආයෝජන ප‍්‍රවර්ධන
  21. අරුන්දික ප‍්‍රනාන්දු – සංචාරක ප‍්‍රවර්ධන කටයුතු
  22. තිලංග සුමතිපාල – තාක්‍ෂණ හා නවෝත්පාදන
  23. මොහාන් සිල්වා – මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ
  24. විජිත බේරුගොඩ – කාන්තා හා ළමා කටයුතු
  25. රොෂාන් රණසිංහ – මහවැලි සංවර්ධන
  26. ජානක වක්කුඹුර – අපනයන කෘෂිකර්ම
  27. විදුර වික්‍රමනායක – කෘෂිකර්ම
  28. ශෙහාන් සේමසිංහ – සංවර්ධන බැංකු සහ ණය යෝජනා
  29. කනක හේරත් – වරාය සංවර්ධන කටයුතු
  30. දිලුම් අමුණුගම – ප්‍රවාහන සේවා කළමණාකර
  31. ලොහාන් රත්වත්තේ – මහ මාර්ග සංවර්ධන
  32. විමලවීර දිසානයක – වනජීවි සම්පත්ජ
  33. යනත් සමරවීර – පරිසර
  34. සනත් නිශාන්ත පෙරේරා- ධීවර සහ මිරිදිය මත්ස්‍ය කර්මාන්ත
  35. තාරක බාලසුරිය – සමාජ ආරක්ෂණ

නියෝජ්‍ය ඇමැතිවරු

1) නිමල් ලන්සා – ප්‍රජා සවිබලගැන්වීම්
2) කංචන විජේසේකර – ධීවර හා ජලජ සම්පත්
3) ඉන්දික අනුරුද්ධ – රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන හා පළාත් සභා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
27.3 ° C
27.3 °
27.3 °
83 %
3.5kmh
26 %
Sat
30 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
30 °
Exit mobile version