HomeSri Lanka Newsරට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන වසරකට ජනපතිගෙන් සුබ පැතුම්…

රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන වසරකට ජනපතිගෙන් සුබ පැතුම්…

-

නව වසරක උදාව යනු නව සිතුම් පැතුම්, අධිෂ්ඨානයන් සමඟ ජීවිතය අලුත් කර ගැනීමට ලැබෙන මහඟු අවස්ථාවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

උදාවූ 2023 වසර වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් එක්කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අප 2023 නව වසරට පිවිසෙන්නේ අතිමහත් දුෂ්කරතා මෙන්ම අවිනිශ්චිතතාවයන් සහ බලාපොරොත්තු සුන්වීම් හමුවේ ගත කළ වසරක් නිමා කරමින් බවයි ජනාධිපතිවරයා පවසන්නේ .

රටේ සිදූ වූ පෙර නොවූ විරූ ආර්ථික කඩාවැටීම හමුවේ අප සියලු දෙනා මත පැටවී ඇති විශාල බර සහ අප බහුතරයක් අත්විඳින ලද පසුබෑම පිළිබඳ මනා වැටහීමක් තම සතුව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

නමුත් අපි දැනටමත් මෙම අයහපත් කාලය පසුකර තිබෙන බව මම විශ්වාස කරන අතර 2023 නව වසර මෙරට ආර්ථිකයේ නව හැරවුමක් සනිටුහන් කරන තීරණාත්මක වසරක් වනු ඇති බව පවසන ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත්විජිතයක්ව පැවත, ඉන් නිදහස ලබා 2023ට වසර 75ක් සපිරෙන බව පෙන්වා දෙනවා.

නමුත් බ්‍රිතාන්‍ය යටත්විජිතයක් ලෙස පැවත නිදහස ලැබූ අනෙක් රටවල් උදාකරගෙන ඇති ප්‍රගතිය ලබා ගැනීමට අප තවමත් සමත් වී නොමැති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ.

එම නිසා රටේ බහුතරයක් තරුණ තරුණියන් පවතින ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින බව පවසන ජනාධිපතිවරයා එය කිසිසේත් නොසලකා හැරිය නොහැකි අතර ඉදිරි දශකය තුළ සමෘද්ධිමත් හා ඵලදායී ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා යෝජිත සමාජ, ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ අප කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කර සිටිනවා.

මෙම වැඩපිළිවෙලේදී රට පළමුවට තබා කැපවී සිටින සැමටත්, රටේ ආර්ථිකය ස්ථාවර කරන තීරණාත්මක ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු ශ්‍රී ලාංකික ජනතාවටත් මාගේ හෘදයාංගම ස්තුතිය ද ඔහු මෙම අවස්ථාවේ දී පිරිනමනවා.

එමෙන්ම නැවුම් බලාපොරොත්තු සමඟින් රට වෙනුවෙන් ආරම්භ කළ වැඩපිළිවෙළ ජයග්‍රහණයෙන් නිමාවන, සමෘද්ධිමත් ශ්‍රී ලංකාවකට දොරගුළු විවර වන ජයග්‍රාහි වසරකට රනිල් වික්‍රමසිංහ ජනාධිපති සිය අලුත් අවුරුදු පණිවුඩයක් මඟින්සු භාශිංසනය එක්කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
76 %
3.1kmh
79 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version