HomeSri Lanka Newsරජයේ වී මිළ දී ගැනීම් නවතී...

රජයේ වී මිළ දී ගැනීම් නවතී…

-

නිසි පරිදි මුදල් ප්‍රතිපාදන නොමැතිවීම හේතුවෙන් රජයේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට නතර වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පෙන්වා දෙන්නේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසට රජය බැංකු වෙත දැනුම් දී තිබුණ ද පවතින මූල්‍ය අර්බුදය හේතුවෙන් අදාළ මුදල් ලබාදීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවය.

මෙම තත්ත්වය මත රජය මගින් වී මිලදී ගැනීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර වී ගොවිතැන සඳහා අවශ්‍ය පොහොර නිසි පරිදි නොලැබුණහොත් මහ කන්නයේ ද වී අස්වනු බලාපොරොත්තු වන ආකාරයෙන් නොලැබෙන බව ජාතික ගොවිජන එකමුතුව පවසයි.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා සඳහන් කළේ මේ හේතුවෙන් ලබන වසරේදී ද සහල් ආනයනය කිරීමට සිදුවනු ඇති බවය.

කෙසේවෙතත් මෙම තත්ත්වය සම්බන්ධයෙන් “අද දෙරණ” කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගෙන් විමසීමක් කළේය.

ඔහු සඳහන් කළේ මහ කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර ලබාදීමේ හැකියාවක් නොමැති වුවද එය අස්වැන්නට විශාල බලපෑමක් සිදු නොකරනු ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
27.1 ° C
27.1 °
27.1 °
81 %
2.9kmh
88 %
Tue
29 °
Wed
29 °
Thu
30 °
Fri
30 °
Sat
29 °
Exit mobile version