HomeSri Lanka Newsපොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝඨා ගෝ ගමට කඩා පනියි : පොලිසියෙන් කඳුළු ගෑස්...

පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝඨා ගෝ ගමට කඩා පනියි : පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්…

-

පොදුජන පෙරමුණේ ආධාරකරුවන් ගෝඨා ගෝ ගමට කඩා පනියි : පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්…

අග්‍රාමාත්‍යවරයාට සහය පළකරමින් අද දිනයේදී අරලියගහ මන්දිරය අසලට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධතාකරුවන් විසින් ගාලු මුවදොර පිහිටි “ගෝඨා ගෝ ගම” අරගල භූමියට පැමිණ එහි තිබු පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ල කර සිටිනවා.

එම පරිශ්‍රයේ දින 31ක් පුරා පැවති සාමකාමී අරගලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් පැමිණ එහි තිබු කුඩාරම් ඇතුළු ඉදිකිරීම් වලට පහරදුන් බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් සහ සාමකාමී විරෝධතාවයේ නිරත පිරිස් අතර ගැටුමක් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිසිය ගාලු මුවදොර වටරවුම අසල කැරළි මර්ධන ඒකකයේ නිලධාරීන් යොදවා සිටියද ඔවුන් එම ස්ථානය පසුකරමින් ඉදිරියට පැමිණ තිබුණා.

මේ වන විට එම ස්ථානයට පොලිසිය විසින් අධි පීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ වන විට ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version