HomeSri Lanka Newsපාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට...

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට…

-

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදියුදින්ගේ සහෝදරයා ඇතුළු තවත් අයෙක් අත්අඩංගුවට…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අද(14) රාත්‍රී 7ට පමණ පුත්තලමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

2019.04.21 වන දින පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන මෙහෙයවන ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් මඟින් මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙක් අංක 111, 10 වන පටුමඟ, මරික්කාර් මාවත පුත්තලම යන ලිපිනයේ පදිංචි 41 හැවිරිදි පනියුදීන් මෙහොමඩ් රියාජ් බදියුදීන් නැමැත්තෙකි.

ඔහු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුර්දීන්ගේ සහෝදරයෙකි.

අනෙක් පුද්ගලයා අංක 2, 3 වන පටුමඟ, නිව් සෙට්ල්මන් පාර, පුත්තලම යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 40 ක් වු අයෙකි.

ඔහු සම්බන්ධයෙන් ‍තව දුරටත් විමර්ශන සිදු කරනු ලබන බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම මඟින් වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
30 ° C
30 °
30 °
71 %
4.2kmh
52 %
Sun
30 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version