HomeSri Lanka Newsපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6 යි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිදුවී අදට වසර 6 යි

-

2019 අප්‍රේල් 21 වන පාස්කු ඉරිදා උදෑසන 8.45 ට පමණ ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලි තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායමක් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළේය.

ඒදිනම දෙහිවල ප්‍රදේශයේ හෝටලයක සහ දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයකද පිපිරීම් වාර්තා විය.

එම ප්‍රහාරවලින් පුද්ගලයින් 270 ට අධික පිරිසක් මියගොස් තවත් 500 කට අධික පිරිසක්තු වාල ලැබූහ.

ප්‍රහාරයට වසර 6 ක් ගත වීම නිමිත්තෙන් මියගිය පිරිස් සිහිකිරිමේ වැඩසටහන් මාලාවක් දිවයින පුරා පිහිටි කිතුනු දේවස්ථාන කේන්ද්‍රකර ගනිමින් අද දිනයේ පැවැත්වේ.

ප්‍රධාන සැමරුම් උත්සවය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් උදෑසන 8.30 ට ආරම්භ විය.

ඊට සර්ව ආගමික නායකයන්, තානාපතිවරුන් හා වින්දිතයන් සහ ඔවුන්ගේ ඥාතීන් සහභාගී වේ.

උදෑසන 8.45 ට සියලු ආගමික ස්ථානවල සීනු නාද කිරීමෙන් පසු මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවය රැකීම සිදුවිය.

පස්වරු 5.30ට ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස වතිකානයේ ශුද්ධාසනය විසින් පිළිගැනීම අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශයට පත්කිරීම සහ දේවමෙහෙය පැවැත්වීමට නියමිත බව අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ, ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේය.

මේ අතර, අද දිනයේ කොටහේන ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සිහිකිරීම නිමිත්තෙන් කොටහේන සාන්ත ලුසියා දේවස්ථානයේ සිට කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය දක්වා පවත්වන පාගමන සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වෙන විශේෂ දේවමෙහෙය හේතුවෙන් මෙලෙස රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත.

ඒ අනුව, උදෑසන 07.00 සිට උදෑසන 11.45 දක්වා වරින්වර වෙරළබඩ පොලිස් වසමේ මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීම සිදුකරයි.

එබැවින් ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
scattered clouds
32 ° C
32 °
32 °
73 %
4kmh
37 %
Mon
31 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Fri
30 °
Exit mobile version