අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණ මිල 300% කින් පමණ ඉහළ ගොස් තිබේ.
පාසැල් උපකරණ අලෙවිකරුවන් සඳහන් කරන්නේ කඩදාසි සහ මුද්‍රණ කර්මාන්තයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය වල මිල ඉහළ යාම මත මෙම තත්ත්වය උදාවී ඇති බවයි.
ලෝක වෙළෙඳ පොළේ කඩදාසි මිල ඉහළ යාම, මෙරට බැංකු පොලී අනුපාත ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාමද මෙම තත්ත්වයට බලපා ඇතැයි ද ආනයනකරුවෝ කියා සිටිති