HomeSri Lanka Newsදුම්රිය ගමන් පස්වරුවේ සිට නවතා දැමේ -  අධිවේගී මාර්ග පස්වරු 04 ට...

දුම්රිය ගමන් පස්වරුවේ සිට නවතා දැමේ –  අධිවේගී මාර්ග පස්වරු 04 ට වසා දැමේ..

-

දුම්රිය ගමන් පස්වරුවේ සිට නවතා දැමේ –  අධිවේගී මාර්ග පස්වරු 04 ට වසා දැමේ..

සියලූ අධිවේගී මාර්ග අද (20) පස්වරු 04 සිට නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා. මේ අතර අද පස්වරු 03.30 සිට ලබන සඳුදා පෙරවරු 06 දක්වා සියලූම දුම්රියවාර අවලංගු කිරීමටයි දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වහාම කි‍්‍රයාත්මක වන පරිදි විනෝද චාරිකා, වන්දනා සහ සංචාරක ගමන් ද තහනම් කිරීමට රජය තීරණය තිබෙනවා. ලබන සඳුදා පෙරවරු 06 ට ඇඳිරි නීතිය අවසන්වීමෙන් පසු නැවත එය කි‍්‍රයාත්මක වන වේලාව 22 වන ඉරිදා දැනුම් දෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version