HomeSri Lanka Newsගාලුමුවදොර අරගලකරුවන් ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්...

ගාලුමුවදොර අරගලකරුවන් ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්…

-

ගාලුමුවදොර අරගලකරුවන් ගැන යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්…

ගාලුමුවදොර අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

මානව හිමිකම් කොමිසමෙන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ එම ස්ථානයේ සිටින අය සාමකාමීව සිටිනතුරු කිසිදු ගැටලුවක් මතු නොවන බවය.

ගෝඨාගෝගමට ආහාර සැපයීමට හමුදාවෙන් බාධා එල්ලකරනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. ?

යම්කිසි පුද්ගලයෙක් කියනවා එද්දී කෑම අරන් යනවා කිව්වට පස්සේ හමුදාව එන්න අවස්ථාව දුන්නා කියලා. සමහර පුද්ගලයන් ඇවිල්ලා හේතු දක්වන්න දේවල් තියෙන්න එපැයි. කෑම අරගෙන ආව කිව්වට අරන් එන්නේ නැතුව හිටියද දන්නෙත් නෑ. නමුත් මම දැක්කා කාන්තාවක් අරගල භූමියෙ සිට කියනවා කෑම අරන් යන බව කිව්වම එන්න අවස්ථාව දුන්නා කියලත් කියනවා. ඒ අවස්ථාවේ තිබුණු තත්ත්වයක් වෙන්න පුළුවන්. මානුෂීය අවස්ථාවන් දෙන්න පුළුවන්. නමුත් මේවට තව තවත් එකතු වීම. මේ ඇඳිරිනීතිය පවතින අවස්ථාවක්. ඇඳිරිනීතිය පවතින අවස්ථාවක ඇඳිරිනීතියට ගරු කරලා ජීවත් වෙන්න. එහෙම කියල හැමතැනම ඇවිදින්න හැකියාවක් නෑ. ඒක තේරුම්ගන්න ඕන.

ගෝඨා ගෝ ගම සාමකාමී විරෝධතාකරුවන්ට ගැටළුවක් වෙන්නේ නැද්ද මේ අවස්ථාවේ. ?

සාමකාමී ගෝඨා ගෝ ගම දැනට ඇතුලේ සිටින, දැනට සිටින කට්ටිය අපි කොයි වෙලාවකවත් එතැනින් යන්න කියලා අපි ඉවත් කළේ නෑ නේ. ඉතින් ගෝඨා ගෝ ගම සාමකාමීව එතැන සිටින පුද්ගලයින් වෙනුවෙන් කිසිදු ප්‍රශ්නයක් මේ වෙනකන් අපි දාලා නෑ. අපි එහෙම දාන්න බලාපොරොත්තුවක් නෑ නේ. ඉතින් ඒක හින්දා සාමකාමීව ඉන්නකල් කිසිම ප්‍රශනයක් වෙන්නේ නෑ. ඒක සාමකාමී තත්ත්වයෙන් ප්‍රචණ්ඩ තත්ත්වයට පැතිරුණොත් තමයි සෑම අවස්ථාවකම ප්‍රශනයක් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
28 ° C
28 °
28 °
80 %
3.3kmh
92 %
Sun
28 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version