HomeSri Lanka Newsකැබිතිගොල්ලෑවේ දී ප්‍රහාරයට ලක්වූ පොලිස් සැරයන් මරුට...

කැබිතිගොල්ලෑවේ දී ප්‍රහාරයට ලක්වූ පොලිස් සැරයන් මරුට…

-

අනුරාධපුර, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතැබීමක් සිදුකර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලීසිය පැවසුවේ ඊයේ (31) රාත්‍රී කැබිතිගොල්ලෑව රඹකැපූවැව ප්‍රදේශයේ වන අලියෙකු පහරදීමකින් කාන්තාවක් මියගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත කැබිතිගොල්ලෑව පොලීසිය එම ස්ථානයට යමින් සිටි අවස්ථාවේ එම කලහකාරී තත්ත්වය ඇති වූ බවය.

එම ප්‍රදේශයේ හිමිනමක් ඇතුළු පුද්ගලයින් සියයක පමණ පිරිසක් විසින් එම අවස්ථාවේ කැබිතිගොල්ලෑව – පදවිය මාර්ගය රඹකැපූවැව ප්‍රදේශයෙන් හරස් කර තිබේ.

අනතුරුව එම පිරිස පොලිස් නිලධාරීන් වෙත ගල් මුඟුරු රැගෙන පහරදීමට පැමිණ ඇති බව කැබිතිගොල්ලෑව පොලීසිය පැවසුවේය.

පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය අහසට වෙඩි තබා තිබේ.

එහෙත් එහිදී පුද්ගලයෙකු එල්ල කළ මුඟුරු පහරකින් පොලිස් සැරයන්වරයෙකුට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර පසුව අනුරාධපුර රෝහල වෙත මාරුකර යැවීමේදී මියගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

මියගොස් ඇත්තේ කැබිතිගොල්ලෑව පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි.

ඔහු වාරියපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි අයෙකු බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට හිමිනමක් ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
broken clouds
28 ° C
28 °
28 °
83 %
3.8kmh
71 %
Sat
28 °
Sun
29 °
Mon
29 °
Tue
29 °
Wed
29 °
Exit mobile version