HomeSri Lanka Newsඕමානයේ සිටින ශ්‍රී ලාංකික කතුන්ට අඩත්තේට්ටම්…

ඕමානයේ සිටින ශ්‍රී ලාංකික කතුන්ට අඩත්තේට්ටම්…

-

සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේය.

ශ්‍රී ලංකාවේ සිට සංචාරක වීසා මගින් පැමිණි ගෘහ සේවිකාවන්ගෙන් ලැබෙන දිනපතා පැමිණිලි සංඛ්‍යාව වැඩි වී ඇතැයි ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්වූ කාන්තාවන් 100 ට ආසන්න පිරිසක් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය වියදම් දරා ආරක්‍ෂිත ස්ථානයක නවතා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසා සිටියා.

Previous article
මුහුණුපොතේ සහ වෙබ් අඩවිවල පළ කර ඇති වෙළෙඳ දැන්වීම් ඔස්සේ එම දැන්වීම් පළ කර ඇති පුද්ගලයන් රැවටීමකට ලක් කර බැංකු ගිණුම්වලින් මුදල් සොරා ගන්නා සංවිධානාත්මක ජාවාරමක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පෙරේදා (16) මහනුවරදී අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් මහනුවර, තලාතුඔය සහ මැදවච්චියේ පදිංචිකරුවන්ය. වෘත්තියෙන්ම වංචාකරුවන් වන ඔවුන් අවුරුදු 25ත් 30ත් අතර පසු වන්නන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. “මේ අය කරන්නේ ෆේස් බුක්වල හරි වෙබ් අඩවිවල හරි පළ කරල තියෙන දැන්වීම් බලල ඒ දැන්වීම්වල සඳහන් දුරකතන අංකවලට ඇමතුම් දෙනවා. ඒ සඳහා භාවිත කරන්නේ එයාලගේ නමින් තියෙන සිම්පත් නෙමෙයි. වෙන අයගේ ඒවායින්. මෙයාල මුලින්ම කරන්නේ ඒ දැන්වීමේ තියෙන භාණ්ඩ වර්ගය කාටවත් විකුණන්න එපා, මම ගන්නවා කියල පිංසේණ්ඩු වෙන එකයි. සල්ලි ටිකක් මට මදි. ගනුදෙනුව ස්ථීර වෙන්න මම කීයක් හරි දාන්නම් මට සතියක් දෙන්න. යනුවෙන්ද එහිදී ඔවුන් පවසනවා. දැන්වීම්කරුට අනුකම්පාවක් ඇති වෙන විදිහටත් විශ්වාසයක් ගොඩ නැඟෙන ආකාරයටත් තමයි මේ අය කථා කරන්නේ. අන්තිමට දැන්වීම්කරු මේ අයට භාණ්ඩය අලෙවි කිරීමට කැමැත්ත පළ කළායින් පස්සේ බැංකු ගිණුම් අංකයක් ඉල්ලගෙන ඔන් ලයින් ට්‍රාන්සර් එකක් කරනවා පොඩි ගාණක්. ඒක දාල ඉවරවෙලා මේ අය නැවත දැන්වීම්කරුට කථා කරල කියනවා මම සල්ලි ටිකක් දැම්මා හම්බ වුණාද කියල බලන්න කියල. ඒකට පිළිතුරු ලැබෙන විට ඒත් එක්කම මේ අය කියනවා තරහා නැතිව පුළුවන් නම් කෝඩ් අංකයක් ඇවිල්ල ඇති ඒක පොඩ්ඩක් කියන්න කියල. මේ අංකය මොකක්ද කියල අවබෝධයක් නැති අය ඒක දෙනවා. දුන්නම වෙන්නේ මේ අය ඒ අංකය ඔස්සේ ඔවුන් මුදල් තැන්පත් කළ දැන්වීම්කරුගේ ගිණුමට අන්තර්ජාලය ඔස්සේ ඇතුළු වෙලා මුදල් වෙන බැංකු ගිණුමකට බැර කර ගන්න එකයි.“ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් මේ වංචාව වන ආකාරය පැහැදිලි කරන්නේ මෙසේය. එම නිලධාරියා පවසන්නේ කිසිවිටකත් තමාට බැංකුවෙන් ලැබෙන එම මුරපද අංකය හෙවත් OTP අංකය පිටස්තර කිසිවකුත් අතට පත් නොකරන ලෙසය. මෙවැනි වංචාවලින් සිය ගාණක් රැවටී ඇති බවත් ඇතැම් පිරිස් මේ නිසා අසරණ වී ඇති බවත් එම නිලධාරියා කීය. මහනුවරින් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනාම මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නන් බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත…
Next article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
31 ° C
31 °
31 °
74 %
4kmh
100 %
Sun
30 °
Mon
30 °
Tue
29 °
Wed
29 °
Thu
29 °
Exit mobile version