ඉන්ධන බෙදාහැරීම නතර වෙයි…
දිවයින පුරා ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නතරවී ඇති බව වාර්තා වෙයි.
ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ඒ බව පවසයි.
මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග පවසන්නේ ඇඳිරිනීතිය ප්රකාශයට පත්කළ දිනයේ සිට දිවයින පුරා තෙල් බෙදාහැරීමේ කටයුතු තාවකාලිකව නතර කළ අතර අද දිනයේ ද තෙල් බෙදාහැරීමේ කටයුතු සිදුනොවන බවය.
මේ අතර ලිට්රෝ සමාගම අද දිනයේදී වාණිජ කටයුතු සඳහා පමණක් ගෑස් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.
ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු ද මේ වනවිට සිදුවන්නේ නැත.