HomeSri Lanka News‍අද සිට ඇරඹෙන බදු සංශෝධන

‍අද සිට ඇරඹෙන බදු සංශෝධන

-

වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු පුද්ගලයින් සඳහා තැන්පතු මත පොලිය හෝ වට්ටම් සඳහා අයකරනු ලබන අත්තිකාරම් ආදායම් බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ බදු සහනය ඉල්ලා සිටීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයින් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඒ සඳහා ස්වයං ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවය.

ඕනෑම තැන්පතු හිමියෙකුට ගෙවිය යුතු පොලිය හෝ වට්ටම් ගෙවීම මත සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බදු අඩු කිරීමක් අද (01) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව අද දිනයේ සිට ඕනෑම තැනැත්තෙකුට ගෙවිය යුතු මෙරට මූලාශ්‍රයක් සහිත පොලිය, වට්ටම් සහ ඉස්ලාමීය මූල්‍ය ගනුදෙනු මඟින් ලැබූ ආදායම් ගෙවීම් සඳහා රඳවා ගැනීමේ අනුයෝජිතයෙකු වශයෙන් කටයුතු කරන ඕනෑම බැංකුවක් හෝ මූල්‍ය ආයතනයක් සියයට 10ක අනුප්‍රමාණයකින් අත්තිකාරම් ආදායම් බද්ද අඩු කළ යුතු වේ.

කෙසේවෙතත් අදාළ චක්‍රලේඛය මඟින් පොලී ආදායම සියයට 10ක අනුපාතයකින් අත්තිකාරම් අදායම් බද්දට යටත් වන නමුත් තක්සේරු වර්ෂය සඳහා ආදායම රුපියල් ලක්ෂ 18 නොඉක්මවන පුද්ගලයින් සඳහා බදු සහන ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ අනුව අදාළ තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් මූලාශ්‍රවලින් තක්සේරු කළ හැකි ආදායම පිළිබඳව ස්වයං ප්‍රකාශයක් බැංකු හෝ මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කර එම බදු සහනය ඉල්ලා සිටිය හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර අද දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පුද්ගල ආදායම් බද්ද අයකර ගැනීම ද සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.

මෙතෙක් රුපියල් ලක්ෂයක මාසික ආදායමක් ලබන පුද්ගලයෙකු සඳහා පනවා තිබූ පුද්ගල ආදායම් බද්ද අද දිනයේ සිට රුපියල් 150,000 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්ය.

ඒ අනුව අඩු අදායම්ලාභී බොහෝ පිරිසකට බදු සහන හිමිවන බව රජය පෙන්වා දෙයි.

මේ අතර දේශීය ආදායම් පනතේ සංශෝධනවලට අනුව විදෙස් රටවල් සඳහා සපයනු ලබන සේවාවලින් ලැබෙන ඉපැයීම් සඳහා වන සියයට 15ක බදු අයකර ගැනීම ද අද දිනයේ සිට ක්‍රියාත්මකයි.

ඊට අමතරව යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව ද අද දිනයේ සිට ඉහළ දමා තිබේ.

රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා මෙතෙක් රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකළ අතර අද දිනයේ සිට එම ගාස්තුව රුපියල් 20 දක්වා ඉහළ දමා ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

SOCIAL COUNTER

381FansLike
28FollowersFollow
5FollowersFollow
1,700SubscribersSubscribe

WEATHER

Colombo
overcast clouds
29 ° C
29 °
29 °
77 %
3.1kmh
100 %
Wed
29 °
Thu
29 °
Fri
29 °
Sat
30 °
Sun
30 °
Exit mobile version